-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දිනක්‍ෂී ප‍්‍රියශාද් ගෙ උපන්දිනයයෙදී තිබුනෙ මාර්තු 18දිනයි. උපන්දිනයේ දී වෙබ් මාධ්‍ය වල ඇය සම්බන්ධව පළවී තිබුනේ "දිනක්ෂි ප්‍රියසාද්ට 18දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇතැයි "යන්නයි. එමෙන්ම මෙසේ ඇයට සී.අයි.ඩී.යට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ මුදල් වංචාවක් සම්බන්ධ සිද්ධියකට බවද පවසා තිබිණ
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ක්ලයිව් මාර්ටිනස් ගේ බිරිඳ බෙරිල් විසින් සිය සැමියා සමඟ නිෂ්පාදනය කරන ලද Double Trouble චිත්‍රපටය ට ලැබීමට තිබූ මුදලක් ලබා නොදීම හා අදාල චිත්‍රපටය  DVD තැටිගතකර විකිණීමට බොරලැස්ගමුවේ දිල්ෂාන් එන්ටප්‍රයිසස් නැමැති සමාගමට ලබාදී, ඊට අදාල මුදල්ද තමාගේ සැමියාට නොදීම යන කාරණාව සම්බන්ධනේ කරණ ලද පැමිණිල්ලකට දිනක්ෂිට මේ කැඳවීම ලැබී තිබේ.
මිරර් ආර්ට්ස් මේ පිළිබඳව දිනක්‍ෂිගෙන් විමසා සිටිද්දී දිනක්‍ෂි පැවසුවේ "මේ පිළිබඳව තමා දැනගත්තේද පුවත්පත් මගින් බවයි. 18වන දින තමාගේ උපන්දිනය යෙදී තිබූ බවත් ඇයට සී අයිඞීයෙන් කැඳවීමක් ලැබී නොතිබූ බවත් පැවසූ දිනක්‍ෂි අදාළ චිත‍්‍රපටයේ ඇය සම අධ්‍යක්‍ෂිකාවක් බවත් මේ සඳහා නිෂාදනයෙන් රාජ් රණසිංහ සහ ක්ලයිව් අන්කල් ද තමාද මුදලක් දැමූ බවත් මෙම සිනමා නිර්මාණය ඩබ්ල් ට‍්‍රබල් චිත‍්‍රපටය බවත් "දිනක්‍ෂී පැවසීය.
එමෙන්මDouble Trouble  හි කතාව ,දෙබස්, තිර රචනය සහ සහාය අධ්‍යක්‍ෂණය අදාළ පැමිණිලි පාර්ශවයේ ක්ලයිව් මාටෙන්ස්ගෙනි. මේ වනවිට කල්යිව් මාටෙන්ස් ජීවතුන් අතර නැත.
දිනක්‍ෂි 18 දින සී අයි ඞීයට නොගිය බව මිරර් ආර්ට්ස් වෙත පැවසුවද ඇය 18දින රාජ් රණසිංහ සහ ඔහුගේ ගේ පුත‍්‍රයාවූ අශෝක් සහ දිනේෂ් ප‍්‍රියශාද් සමග දිනක්‍ෂිි ද සීඅයිඞීයට ගොස් තිබෙන බව මිර් ආර්ට්ස් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබිණ. මෙහිදී කල්යිව් ගේ බිරිඳ බෙරිල් ද එම අවස්ථාවට සීඅයිඞීයට ගොස් තිබී ඇති අතර දිනක්‍ෂිගේ උපන්දිනය යෙදි තිබුණ බැවින් සීඅයිඞීයේ එම පැමිණිල්ල විමර්ශණය කරන්නට සිටි නිළධාරිණියක් දිනක්‍ෂිට සුබ උපන්දිනයක ට සුබ පැතුම්ද එක් කර ඇය අසල සිටි අයටද හඳුන්වා දී ඇත. එමෙන්ම එහි සිටි තවත් උසස් නිළධාරියෙක් පැමිණිල්ල අපක්‍ෂපාතීව විමසා සාධාරණය ඉෂ්ට කරන ලෙස ප‍්‍රකාශ කළ බවද මිරර් ආර්ට්ස් වෙත දැනගන්නට ලැබිණ.
එමෙන්ම මෙහිදී විත්ති පාර්ශවයේ සිව් දෙනා බෙරිල් නැමැත්තිය ක්ලයිව්ගේ බිරිඳ බව ට හඳුන්නනේ නැති බවත් ඇයට දරුවන් නොමැති බැවින් බිරිඳ බවට පිළිගත නොහැකි බව පැවසූ බවත් දැනගන්නට ලැබිණි. මෙහිදී ක්ලයිව්ගේ බිරිඳ දැඩි අසරණ තත්ත්වයට පත්වූ බව ද දැනගන්නට ලැබිණි.

දිනක්‍ෂිගේ ජනප‍්‍රියතාවය නිසා ඇයගේ පාර්ශවයට වැඩි නැඹුරුවක් තත්ත්තවය නිරීක්‍ෂණ්‍ය කළ නිළධාරිණිය වෙතින් තිබුණ බවත් ඉහළ නිළධාරීන් මෙම කාරණය පිළිබඳව සාධාරණව බලා ඇති බවත් දැනගන්නට ලැබිණ.
නිර්මාණයට සම්බන්ධ පාර්ශවයේ වෙනත් ශිල්පියෙතු මිරර් ආර්ට්ස් වෙත පැවසුවේ මෙම සිනමා නිර්මාණය දින හතක් තුළ රූගත කොට අවසන් කළ බවත් ක්ලයිව්ගේ පිටපතක් බවත්, කල්යිව් ගේ පිටපත, සහාය අධ්‍යක්‍ෂණය සහ අනෙකුත් දායකත්වය ෂෙයාර් එකක් ලෙස මීට එක්කළ බවයි.

තවද දැනගන්නට ලැබී ඇති පරිදි මෙම චිත‍්‍රපටයේ DVD පට වෙළඳ පොළට නිකුත් කිිරීමට නියමිතව තිබී  ඇත්තේ පසුගිය 2013 දෙසැම්බර් 06 සහ 10 යන දින අතරය. නමුත් කුමන හෝ හේතුවක් නිසා එය ජනවාරි මාසයේ අදාළ ආයතනයට විකුණූ බවට තොරතුරු වාර්ථා වී තිබේ.
තවද සිනමා නිර්මාණයෙන් ආදායමක් නොලැබූ බවත් ණය මුදල් පියවීමට ඇති බවත් ප‍්‍රකාශ වී ඇති අතර DVD සඳහා චිත‍්‍රපටය ඩිල්ෂාන් ආයතනයට ලබා දී ඇති වුවද එය විකුණා ලබාගත් මුදලින්ද ක්ලයිව්ගේ කොටස් ලබාදී නැති බවත් පෙන්වා දී ඇත.
 දැනගන්නට ලැබෙන පරිදි නිෂ්පාදක වශයෙන් හඳුන්වන රාජ් රණසිංහ විසින් එම චිත‍්‍රපටය ඇගළුම් කම්හල් සේවක සේවිකාවන්ට ප‍්‍රදර්ශණය කර මුදල් ලබාගන්නා වැඩ පිලිවෙල යටතේ ආදායමක් සොයා ගැනීමට ක්ලයිව්ගේ බිරිඳට එය ලබාදීමට එකග වූ බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සොයා බලා චිත‍්‍රපටයේ අදායම සහ වියදම් සොයා බලා අවශ්‍ය සහනය සම නිෂ්පාදකගේ බිරිඳ වෙත ලබාදීමට යෝජනා කොට ඇත.
නමුත් එය ඇය පිළිගත් බවක් වාර්ථා නොවන අතර කල්යිව්ගේ බිරිඳ ට අසාධාරණයක් සිදු ඇති බව පෙනෙන්නට පැහැදිලිව ඇති බවත් මේ කාරණා රහස් පොලීසියෙන් සාධාරණව විමර්ෂණයක් සිදුවනු ඇතැයි විශ්වාස කිරීම හැර වෙන විකල්පයක් නැති බව පෙනෙන්නට තිබේ.

ජනප‍්‍රිය නිළියන් හෝ නළුවන් හෝ වෙනත් ආකාරයේ බල සහිත පුද්ගලයන්ගේ උවමනාවන්ට නීතියනතු නොවී නීතිය සැමට සාධාරණ විය යුතුය.

ක්ලයිව් මාර්ටින්ගේ අභාවයෙන් වසරක් පිරෙන්නේ මෙම වසරේ අගෝස්තු මාසයේදීය. ක්ලියිව් මියගියේ පිලිකා රෝගයට ගොඳුරු වීමෙනි.
නිර්මාණ කරුවන් මංකොල්ල කාරයන් නොවිය යුතු සේම අමානුෂික වීමද, බොරු කාරයන් වීමද, සහෝදර කලාකරුවන්ට, වෘත්තිකයින්ට අසාධාරණකම් නොකළ යුතුය. සිනමා -රුපවහිනී යන ක්‍ෂෙත‍්‍රවල බොහේ විට මෙවැනි ආකාරයේ විවිධ වෘත්තිකයින්ට සාධාරණ මුදල් ගෙවීම් පැහැර හැරීම් ද නිෂ්පාදකයින් රැවටීම් ද, වංචා කිරීම්ද, පොලූ තැබීම් ද නිරන්තරයෙන් අසන්නට තිබෙන කාරණාය. අවසානයේ ගත්විට සමස්ථ සමාජයේම අසන්නට දකින්නට ඇත්තේ මංකොල්ලකැම් ජනතාව රවටාලීම් වංචා දූෂන සහ අවනඩුමය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos