මීට වසර 97කට පෙර ගිලී ගිය නෞකාවක් යළි හඳුනා ගැනීමට මෙරට නාවික කිමිදුම්කරුවෙකු සමත්ව තිබේ.
1917පෙබරවාරි 16 වන දා වර්කට් ෂයර් නම් බ්‍රිතාන්‍ය මගී ප්‍රවාහන නෞකාව ගල්කිස්ස මුහුදේ ගිලී ගියේ ජර්මානු මුහුදු බෝම්බයකට හසුවීමෙනි.
පසුගිය කාලය තුළ මෙම නෞකාව සොයා ගැනීමට විවිධ ගවේෂණ කෙරුණත් මේ පිළිබඳ නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි විය.
ඊට හේතුව අදාළ නෞකාව ගිලුණු ස්ථානය ලෙස මුහුදු සිතියම්වල දැක්වුණු ප්‍රදේශයේ එය හමු නොවීම යි.
මේ අතර පෞද්ගලික සාගර ගවේෂණ කටයුතුවල යෙදෙන දර්ශන ජයවර්ධන මහතා අදාළ ස්ථානයට කිලෝමීටර් පහක පමණ ඈතින් මීටර් 57ක් ගැඹුරු මුහුදේ කළ කිමිදුමකදී ගිලී ගිය නෞකාවක් හමු වී තිබේ.