-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දියාවේ පරිගණක ඉන්ජිනේරුවරියක ලෙස සේවය කළ තරුණියක් ඇගේ දෙමාපියන් විසින් ඝාතනය කරනු ලැබ තිබේ.
පන්චලා දීප්ති නමැති 26 හැවිරිදි එම තරුණිය කිරන් කුමාර් නමැති තව ත් පරිගණක ඉන්ජිනේරුවරයෙකු සමග විවාහ වී සිටියා ය.
එම තරුණයා අදාළ තරුණියගේ කුලයට නොගැළපීම හේතුවෙන් සිය දියණිය ඇගේ දෙමාපියන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙය සැලසුම්සහගත ඝාතනයක් බව ඉන්දීය පොලීසිය පවසයි.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පදිංචි එම දෙමාපියන් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
අදාළ තරුණිය සහ තරුණයා අතර විවාහය සිදුව ඇත්තේ, පෙබරවාරි මස 21 වන දා ය.
විවාහයෙන් පසුව ඇගේ දෙමාපියන්ගේ අදහස වී ඇත්තේ, දියණියගේ සැමියා නොගැළපෙන කුලයකට අයත් වන්නෙකු බවට ය.
මෙම විවාහය හයිදරාබාද්හිදී සිදු කර ඇති අතර පසුව ඇගේ දෙමාපියන් විවාහ යුවළ ගුන්ටූර් කරා රැගෙන ගොස් ඇත්තේ, සංස්කෘතික චාරිත්‍රයක් ඉටු කරන බව පවසමිනි.
පසුව එහිදී තරුණියගේ ඇඳුමෙහි කොටසකින් ගෙළ සිර කර ඝාතනය කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos