-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

'තමුසෙ කවුරු වුණත් කමක් නැහැ පල බූරුවෝ යන්න' යනුවෙන් බැන වැදී මහරගම ප්‍රදේශයේ සිය නිල රථයෙන් යමින් සිටි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අපහාස කළ බව කියන මහරගම පොලිස් රථවාහන අංශයේ සැරයන්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.

මහරගම පොලිසිය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය වෙත ඒ බව කියා සිටියේ සැකකාර සැරයන්වරයා ඊයේ (27දා) අධිකරණයට ඉදිරිපත් කරමිනි. මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැරයන් චානක (27832) නමැත්තා එසේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර ඔහු අප්‍රේල් මස 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද අධිකරණයෙන් නියම කෙරිණි.

පැමිණිලිකාර මහෙස්ත්‍රාත්වරයාගේ නිල රථය එහි රියැදුරු කොස්තාපල්වරයා විසින් මහරගම පමුණුව පාර දෙසට හැරවීමේදී එහි රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයා ඉහතකී ආකාරයට මහෙස්ත්‍රාත්වරයාට බැන වැදී ඇති බවද අධිකරණයෙන් අනාවරණය කෙරිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos