මම ආණ්‌ඩුවට කඩේ යන්නේ නැහැ..... මම කඩේ යන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් යෑයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා "දිවයින"ට ඊයේ (23 දා) පැවැසීය.
පොලිසියේ හොඳ නරක දෙකම මම මාධ්‍යයට හෙළිකරනවා.
ඒ වගේ රජයේ පැත්තේ දේශපාලනඥයන් ගේ වැරදි වැඩ සහ විපක්‌ෂයේ වැරදි වැඩත් පෙන්වා දී තිබෙනවා.
මට දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. දේශපාලනය කරන්නෙත් නැහැ.
මට කරන චෝදනා සියල්ලම ප්‍රතික්‍ෂේප කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රජයට කඩේ යන බවට විපක්‌ෂය නිතර නිතර නගන චෝදනාවලට පිළිතුරු දෙමින් අජිත් රෝහණ මහතා එසේ සඳහන් කළේය.