-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සොයන  ඕස්ටේ‍්‍රලියානු නිරීක්ෂණ ගුවන් යානයක නියමුවන් චන්ද්‍රිකා ඡුායාරූප මගින් අනුමාන කරන මුහුදු ප‍්‍රදේශයේ පාවෙමින් තිබූ ලී තට්ටුවක් දැක තිබෙනවා. ඊට ආරක්ෂක පටි වැනි යමක් සම්බන්ධව පැවති බවයි එම නියමුවන් සඳහන් කර ඇත්තේ. කෙසේ නමුත්, එය නැති වූ ගුවන් යානයේ සුන්බුන් වලට අයත් කොටසක් ද යන්න තවමත් නිෂ්චිත වශයෙන් ප‍්‍රකාශ කළ නොහැකි බව  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට්, පැපුවා නිව්ගිනියා දිවයිනේදී අද ප‍්‍රකාශ කළා.  ඕස්ටේ‍්‍රලියානු, නවසීලන්ත, ඇමෙරිකානු සහ චීන නිරීක්ෂණ යානා එම ප‍්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම්වල නිරත වීමට නියමිතයි. 

Update :  Sunday, 23 March 2014 - 2:33

-------------------------------------
ගුවන් යානයේ සුන්බුන් සෙවීම ගැන නව බලාපොරොත්තුවක්.

පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න කඩිනමින් හෙළිදරව් කරගැනීමට හැකිවනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් ප‍්‍රකාශ කළා.  ඕස්ටේ‍්‍රලියානු චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කෙරුණු ගුවන් යානයේ  සුන්බුන් බවට සැක කෙරෙන ද්‍රව්‍ය පවතින සාගර ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තදුරටත් සිදු කෙරෙනවා. එහි හඳුනා නොගත් කුඩා ප‍්‍රමාණයේ ආගන්තුක ද්‍රව්‍ය රැසක් පවතින බවයි හෙළිවී ඇත්තේ. ඒවා අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේද යන්න තහවුරු කරගැනීම සඳහා  ඕස්ටේ‍්‍රලියානු නිරීක්ෂණ යානා අද නැවතත් උත්සාහයක නිරතවන බව  ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයා සඳහන් කළා.

චීන චන්ද්‍රිකා මගින් ද මෙම ප‍්‍රදේශයේම ගුවන් යානයක සුන්බුන්යැයි සැක කළ හැකි ද්‍රව්‍ය නිරීක්ෂණය කර තිබෙනවා. මේ නිසා  ඕස්ටේ‍්‍රලියානු සෝදිසි මෙහෙයුමට එක්වීම සඳහා චීන යුධ ගුවන් යානා දෙකක් අද පර්ත් නුවර ළ`ගා වුණා.  ඕස්ටේ‍්‍රලියානු සහ නවසීලන්ත නිරීක්ෂණ යානා 6 ක් දින 3 ක් තිස්සේ මෙහි කළ සෝදිසි මෙහෙයුම්වලදී යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවූයේ නැහැ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos