යාපනය පලෙයි ප්‍රදේශයේ කාන්තාවක් විසින් තවත් කාන්තාවන් දෙදෙනෙකුට පිහියකින් කොටා තුවාල සිදු කිරීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා සහෝදරියන් වන අතර ඔවුන්ට පහරදුන් කාන්තාව විසින් තුවාල ලැබුවන්ගෙන් රුපියල් 300 මුදලක් ණයට ඉල්ලා ගෙන ඇත.
පසුව එම ණය මුදල නැවත ඉල්ලා ගැනීම සඳහා අදාළ කාන්තාවගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමකදී ණය ලබා ගත් කාන්තාව අනෙක් දෙදෙනාට පිහියකින් කොටා ඇති බව පොලිසිය සඳහන් කළේය.