-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මැලේසියා ගුවන් සමාගමට අයත් තව ත් යානයක කාර්මික දෝෂයක් හේතුවෙන් හොංකොං ගුවන් තොටුපොළකට හදිසියේ ගොඩ බස්වා තිබේ.
විදෙස් වාර්තාවල  සඳහන් වන්නේ, මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට දකුණු කොරියාවේ සෝල් නුවර දක්වා පියාසර කරමින් තිබූ යානයක් එලෙස හදිසියේ ගොඩ බස්වා ඇති බව ය.
එම යානයේ විදුලි ජනක යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිත වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම කාර්මික දෝෂය A330-300 වර්ගයේ යානයක සිදුව ඇති අතර එහි ගින්නක් හට ගැනීම වැළැක්වීම සඳහා ගිනි නිවන භටයින් ද යොදවා තිබිණි.
‍කාර්මික දෝෂය ‍හේතුවෙන් අතරමගදී හොංකොං වෙත ගොඩබස්වා ඇත්තේ, MH066 දරන මැලේසියානු යානය යි.
යානය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ එහි සිටි මගීන් ගණන 271 දෙනෙකි.
SOURCE: NDTV

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos