-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකාවේ අනුමත ගුවන් විදුලි සංඛ්‍යාත පරාශයට ඇතුළත් නොවන රැහැන් රහිත දුරකථන සතුවන්නේ නම් ඒවා විදුලි සංදේශ නියාමන කොමිසමට හෝ ලඟම පිහිටි පොලිසියට භාර දෙන මෙන් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට කියයි.
එවැනි දුරකථන ළඝ තබා භාවිතය දඬුවම් ලැබිය හැකි, නීති විරෝධී වරදක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කියා සිටී.
එවැනි දුරකථන තිබේ නම් ඉදිරි දින හත ඇතුළත භාරදෙන ලෙස ද ජනතාව දැනුවත්කර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියෙන් තොර ව නීති විරෝධී ව රැහැන් රහිත දුරකථන ශ්‍රී ලංකාවට ආනයනය කර ඇතැයි පවසන අධ්‍යක්‍ෂ ජනරාල් වරයා , එවැනි දුරකථන සඳහා සාමාන්‍ය සංඛ්‍යාත නොව වෙනත් සංඛ්‍යාත භාවිතා කරනු ලැබීම, ජංගම දුරකථන භාවිතය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන බවයි පෙන්වා දෙන්නේ.
එම තත්වය යටතේ ඇතම් ජංගම දුරකථන සමාගම්වලට ඔවුන්ගේ ග්‍රාහකයන්ට සේවා සැපයීමේ දුෂ්කරතාවයක් උද්ගතව පවතින බවයි, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට කියා සිටින්නේ.
“රැහැන් රහිත දුරකථන පාවිච්චි කරන නිවාස පන්සීයකට අධික සංඛ්‍යාවක් අපි දැනටමත් හඳුනා ගෙන තිබෙනවා. නීතිමය පියවර ගැනීමට පෙර ඒවා භාර දෙන මෙන් කොමිසම ඉල්ලා සිටිනවා” යයි ඔහු වැඩි දුරටත් පවසයි.
බලපත්‍ර නොමැති දුරකථන ආනයනය, ඒවා ළඟ තබා ගැනීම,පාවිච්චිය සහ විකිණීම නීති විරෝධී බවයි, අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට දැනුම් දෙන්නේ.
“ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව බලන විට ඉතා බාල දුරකථන විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙනවා-නීති විරෝධී ආකාරයට. ඒවා මහජන ශරීර සෞඛ්‍යයට ඉතා හානි කරයි” අනූෂ පැල්පිට සඳහන් කරයි.
ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, එවැනි බාල දුරකථන හඳුනා ගැනීමේ තාක්‍ෂණ ක්‍රමවේදයක් ඉදිරි කාලය ඇතුළත හඳුන්වා දෙන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week