-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගූගල් සමාගමේ කොටසක කොටස් වෙළඳපොළ මිල ඩොලර් 1000 සීමාවට ආසන්න වෙමින් ඇතැයි වාර්තා වේ.  වසරේ තෙවන කාර්තුව තුළ විශ්ලේෂකයන් විසින් අපේක්ෂිත වර්ධනය ඉක්මවීම සමග වෙළඳපොළ ඉල්ලූම මේ තත්වයට හේතු වී තිබේ.  ඊයේ දිනය වන විට කොටසක මිල ඩොලර් 959.65ක් ලෙස දැක්විනි.

ලොව අංක එකේ අන්තර්ජාල පිරික්සුම් අඩවිය වන ගූගල් සිය සහායක සමාගම්වල වියදම් ගෙවීමෙන් අනතුරුව අන්තර්ජාල ආදායම් 23%කින් ඉහළ දමා ඇති අතර ඉහළ යාම ඩොලර් බිලියන 10.8කි.

ලොව පුරා අන්තර්ජාල පාරිභෝගිකයන් ජංගම දුරකථන උපාංග වලට යොමුවීම සමග වෙළඳපොළ ප‍්‍රචාරණ ආදායම පහත වැටීම ගූගල් වෙතද බලපා තිබේ.  පාරිභෝගිකයකු වෙළඳ දැන්වීමක් මත ක්ලික් කල විට ප‍්‍රචාරණ සමාගම් විසින් ගූගල් වෙත ගෙවන මුදල ජංගම දුරකථන භාවිතයේදී අඩු අගයක් වන අතර එමගින් මෙම කාර්තුව තුළ ආදායම 8%කින් පහත වැටී ඇතැයි ගූගල් බලධාරීන් පවසයි.

නමුත් මුළු ක්ලික් කිරීම් ප‍්‍රමාණය 26%කින් වර්ධනය කරගැනීමට ගූගල් සමත් වීම විසින් මේ අලාභය උපයා ඇති බව ජේ.එම්.පී. සිකියුරිටීස් සමාගමේ විශ්ලේෂක රොනල්ඞ් ජෝස් පවසා තිබේ.

මේ වන විට ගූගල් සමාගමට අයත් යූටියුබ් වෙබ් අඩවියේ පාරිභෝගිකයන්ගෙන් 40%ක් ජංගම දුරකථන භාවිතා කරන්නන් වන අතර එය වසර 2කට පෙර 6%ක් පමණක් වූ බව ගූගල් ප‍්‍රධාන විධායක නිලධාරී ලැරී පේජ් පසුගියදා පවසන ලදී.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ජංගම දුරකථන භාවිතය ව්‍යාප්ත වීම සමග ගූගල්ද ඒ ක්‍ෂෙත‍්‍රය තුළ වර්ධනය වීම මෙම සාර්ථකත්වයේ රහස වන බවයි.
ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යයට පරිබාහිරව ආදායම් 28%කින් වර්ධනය කරගැනීම ගූගල්හි ශක්ති විදහා දක්වන බව ඔවුන්ගේ අදහසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos