කාන්තාවන්ගේ පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දැක්කම මුදලාලිලා කඬේ වහන්නේ යයි අනුරාධපුර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. හැරිසන් පෙරේරා මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති උත්සව සභාවක් අමතමින් ඒම හතා මෙසේද කීය.
‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.
මම කියන්නේ මේ වගේ වෙන්න එපා කියලයි.පිරිසිදුකමට අපේ කාන්තාවෝ මුල්තැන දෙන්න ඕන’