වාහනයක පසුපස ආසනයක සිටි කාන්තාවක් "උදව් කරන්න" යැයි කෑගසන ආකාරය යන්තමින් දුටු යෞවනයන් දෙදෙනකු 911 හදිසි මෙහෙයුම් අංකය අමතා ඒ කාන්තාව බේරා ගැනීමට උපකාර කළ අවස්ථාවක් ඩලාස්වලින් වාර්තා වේ.
25 හැවිරිදි කාන්තාවක ගිනි අවියක් පෙන්වා බියවද්දා වාහනයකට දමාගෙන පලාගිය 37 හැවිරිදි චාර්ල්ස් ඇට්කින්ස් ලෙවිස්ගේ වෑයම මේ නිසා ව්‍යර්ථ විය. තම වාහනයේ සිටි 19 හැවිරිදි ඇරොන් ඇරියස් සහ ඔහුගේ මිතුරෙක් මේ පැහැර ගැනීම දැක හදිසි අංකය ඇමැතූහ.
ඉන්පසු එම වාහනය පසුපස කිලෝමීටර් 175ක් ලුහුබැඳ ගෙන ගොස් පොලිසියට අවශ්‍ය මඟපෙන්වීම සිදුකළහ. මේ වීර ක්‍රියාව නිසා චාර්ල්ස්ව කොටුකර ගැනීම පොලිසියට මහත් වෙහෙසකර කටයුත්තක් වූයේ නැත.