හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් අදාල බැංකුවලින් තොරතුරු විමසීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව අදාල බැංකුවල නිලධාරීන් ඉදිරි සතියේදී කොමිසම හමුවට කැඳවීමට නියමිතය.
වත්කම් ප‍්‍රකාශයක් පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරුවරියගෙන් ලබා ගත් කට උත්තරයකදී ඇය විසින් සිය බැංකු ගිණුම් සම්බන්ධයෙන් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් විමසීමට මෙම නිලධාරීන් කොමිසහ හමුවට කැඳවා තිබේ.