පසුගිය වෙසක් පොහොය දිනයේ දළදා මාලිගය ඉදිරිපිට ගව ඝාතනයට විරුද්ධව තම සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන්ට ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට එම සිද්ධිය වීඞීයෝ කළ මාධ්‍යවේදීයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම එම මාධ්‍යවේදීයා හිමිනම සිරුරට ගිනිතබා ගැනීමට පෙට‍්‍රල් වත්කරන විටත් එය වැළැක්වීමට මැදිහත් නොවී එය දිගින් දිගටම වීඞීයෝ කිරීම මෙයට අනුබල දීමක් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිමියන් සිරුරට ගිනිතබා ගන්නා බවට වේලාසනින් එම මාධ්‍යවේදියාට පවසා ඇති බවත් ඔහු එය කිසිදු අයකුට නොපවසා පිරිසක් රැගෙන ගොස් වීඞීයෝ ගත කර ඇති බවත් එහිදී ඔහු එම හිමියන් සමග සිදු කරන දෙබස්වලට අනුව ඒ සඳහා අනුබල ලබාදී ඇති බවත් රහස් පොලිසි ආරංචි මාර්ග පවසයි.