Showing posts with label Fire. Show all posts
අද උදෑසන 3.15 ට පමණ පානදුර නෝලිමිට් රෙදිපිළි ආයතනයේ ගින්නක් හටගැනීම නිසා එය නිවා දැමීමට ගිනි නිවන රථ 5 ක් දෙපැයකට වැඩි කාලයක් වෙහෙස දැරූ බව වාර්තා වනවා. මුළු ගොඩනැගිල්ල පුරාම ගින්න පැතිරුණ බවත් ගෙන ආ වතුර ගින්න නිවිමට මදි වූ බවත් ගිනි නිවීම් සේවා අංශ සඳහන් කළා.
අද උදේ 5.30 වන විට මුළු ගොඩනැගිල්ලම වැනසී ගොස් තිබුණ බව ප්‍රදේශවාසීන්ට දැකගන්නට ලැබුණා.
ගින්න හටගත් නෝ ලිම්ට් ආයතනයේ පෙර දින සාදයක් පවත්වා ඇතැයිද ඊයේ දිනයේ විදුලි සැපයුම අළුත්වැඩියා කර ඇතැයිද ගින්න බොහෝ විට විදුලි කාන්දුවක් නිසා සිදු වී ඇතැයිද පොලීසිය පසුව ප්‍රකාශ කර තිඛෙනවා.
කෙසේ වෙතත් ජාතීන් අතර ගැටුමක් ලෙස අර්ථ ගැන්විය හැකි නිසා පානදුරේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය කැඳවූ බවද පොලිසිය කියා සිටියා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද උදෑසන එහි ගොස් පරීක්ෂණ ඇරඹූ අතර. රස පරික්ෂකවරයෙකුද කැඳවා ඇත.