මහජන විනිශ්චය මණ්‌ඩලය නමැති සංවිධානයක් පසුගිය 10 වනදා ජර්මනියේ පැවැත්වූ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු විභාගයේදී චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ වන්නි මෙහෙයුම තමන් සියෑසින් දුටුවාක් මෙන් සාවද්‍ය ප්‍රකාශයක් කර ඇත.
කොටි ඩයස්‌පෝරාව විසින් සැපයූ සාවද්‍ය තොරතුරු මැක්‌රේගේ ප්‍රකාශයේ අඩංගු වූ බව නඩු විභාගයට සහභාගිවූවෙක් ජර්මනියේ සිට පැවැසීය.
විනිසුරුවන් යයි දක්‌වමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 11 දෙනකු ලවා ශ්‍රී ලංකා රජය යුද අපරාධ සිදුකළ බව කියමින් මේ නඩු විභාගය පවත්වා ඇත.
ද්‍රවිඩ ජාතික ජනතා පක්‌ෂයේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ දේදුන්න නමැති කොටින්ගේ පුවත්පත සකස් කළ රෝහිත භාෂණ අබේවර්ධන ඇතුළු 11 දෙනෙකු මෙහිදී සාක්‌ෂි දී තිබේ.
චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ මෙහිදී සාක්‌ෂි දෙමින් තමාට තොරතුරු සැපයුවේ ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු බව පවසා ඇත.
මැක්‌රේ ඇතුළු සාක්‌ෂිකරුවන් ජර්මනියට ගෙන්වා පහසුකම් සලසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ අයිරිස් සංසදය නමැති රාජ්‍ය නොවන සංවිධානයයි.





 
.jpg) 
 
 
.jpg) 
 
