-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මතභේදයට තුඩු දී ඇති ගිනිකොණදිග බෙංගලා බොක්කේ සුළි කුණාටුව ‘මහසෙන්’ යන නාමය එලෙසින් නම්කරන ලද්දේ ශී‍්‍ර ලංකාව විසින් කලකට පෙර ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව යෝජනා කරන ලද නම් කිහිපයක් අතරින් බව මෙරට කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලකුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල මහත්මිය පැවසුවේ මීට වසර 9කට පෙර එනම්, 2004 වසරේ දී ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කාලගුණ නිවේදන නිකුත් කිරීමට අදාළ කලාපීය රටවල් 8ක් සඳහා මෙලෙස නම් 20ක් යෝජනා කරන ලෙසට දන්වා තිබූ බවය. එ අනුව ශී‍්‍ර ලංකාවෙන් ද නම් 20ක් යෝජනා කර තිබූ අතර ඉන් නම් 5ක් සුළි කුණාටු ආදියට නම් කිරීම සඳහා තෝරාගෙන ඇත. එ් ‘මාලා’, ‘බන්දු’, ‘මහසෙන්’, ‘පි‍්‍රයා’,‘සාමා’ යන නම් වේ. ඉන් ‘මාලා, බන්දු හා මහසෙන්’ යන නම් මේ වන විට භාවිතා කොට තිබේ. එම නම් කලාපීය රටවල් පිළිවෙලින් භාවිතා කෙරෙන අතර, මීළඟට කලාපය තුළ ඇති විය හැකි සුළි කුණාටුවට නම් කෙරෙනුයේ තායිලන්තය විසින් යෝජනා කරන ලද නම් අතරින් තෝරාගත් නමකි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos