May
13
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා අලූතින් ගුවන් යානා මිලදී ගැනීමේදී රජයේ ඇපකරයක් ලබා දෙන ලෙස ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම කල ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් කල්බදු ක‍්‍රමයට අලූතින් ගුවන් යනා 04ක් ලබා ගැනීමට තීරණය කිරීමෙන් පසු මෙම ඇපකරය ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය අනුව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ මුල්‍යමය ශක්තිය හා හැකියාව උපයෝගී කරගෙන නව ගුවන් යානා ලබා ගත යුතු බව මේ වන විටත් දැනුම් දී ඇති අතර ගණුදෙනුවට රජයට කිසිසේත්ම ඇපකරුවෙකු විය නොහැකි යයිද දන්වා තිබේ.