-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පකිස්ථානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක සූක්‍ෂම ලෙස සගවා ගෙන එන ලද උපත් පාලන එන්නත් සිංහලයන් වඳ කිරීමේ සැලැස්මක් විය හැකි යයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය කියා සිටී.
එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතාගේ අත්සනින් යුකුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පකිස්ථානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක සූක්‍ෂම ලෙස සගවා ගෙන එන ලද උපත් පාලන එන්නත් කුප්පි 30,000 ක් රේගු අධීක්‍ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නේවාසික වීසා ලබාගෙන මෙරට පැමිණ සිටින පකිස්ථානු ජාතිකයෙකු විසින් මෙම එන්නත් කුප්පි තොගය අර්තාපල් කන්ටේනරය තුළ සගවා රට තුළට ගෙනවිත් ඇත. කන්ටේනරය පරීක්‍ෂා කරන අවස්ථාවේදී අදාල පකිස්ථානු ජාතිකයා පැන ගොස් ඇත. මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරා කොතෙකුත් අපට අසන්නට ලැබුනද මේ පිටුපස කි‍්‍රයාත්මක වන අදෘශ්‍යමාන හස්තය කුමක්දැයි සොයා බැලීමට බලධාරීන් හෝ නිලධාරීන් කටයුතු කළේ නැත.
යම්කිසි ජාතියක් හෝ ජන කොටසක් විනාශ කිරීම, තුරන් කිරීම සදහා විවිධ ක‍්‍රම සහ විධි අනුගමනය කළ හැක.  ඕස්ටේ‍්‍රලියාවේ ආදීවාසී ඇබෝජින්වරු විනාශ කළේ මත්ද්‍රව්‍යවලට ඔවුන් ඇබ්බැහි කිරීමෙනි. මේ ආකාරය ගැන විවිධ ජන කොටස්, ජනවර්ග, ජාතීන් වඳ කල ආකාරයට කොතෙකුත් උදාහරණ ඇත. මේ අප රට තුළ සිදුවෙමින් තිබෙන්නේත් එයමද, සිංහල ජාතියත්, සිංහල සංස්කෘතියත් විනාශ කිරීම සදහා විවිධ ක‍්‍රමවේද ආක‍්‍රමණික පෘතුගී‍්‍රසි, ඉංගී‍්‍රසි, ලන්දේසි පාලන සමයන් තුළ සිදුවිය. එමගින් මේ රටේ සිංහල ජාතිය යම් ප‍්‍රමාණයකට බෙලහීන කළ අතර ජාතියේ අභිමානය හා ශක්තියද බිද දමනු ලැබීය. එම වැඩපිළිවෙලම අද අබෞද්ධ, අසිංහල බලවේග හරහාද කි‍්‍රයාත්මක වෙමින් පවතීද?
අල,ළුණු ගෝනි අස්සේ උපත් පාලන එන්නත්, උපත් පාලන පෙති රට තුළට ගලා එන්නේ කවර ජන වර්ගයක උපත් පාලනය කිරීමටද? මේ පිටුපස සිංහල ජනතාව වඳ කිරීමේ සැලසුමක් කි‍්‍රයාවට නැගෙමින් නොතිබෙන්නේද?  සිංහල ජනතාවගේ ජනගහණ වර්ධනය පැහැදිලි ලෙස අඩු වූ බව පසුගිය කාලයේ දැකගන්නට ලැබිණි. අන්‍ය ජාතිකයන් අල, ළුෑණු, රට ඉඳි ගෙන්වීමේ මුවාවෙන් ගොඩබාන උපත් පාලන එන්නත් වලින් වඳ කරන්නේ, ගබ්සා කරන්නේ රට තුළ සිටින කවර ජන කොටසක්ද යන්න ගැන විමසිය යුතුව ඇත. මෙම උපත් පාලන එන්නත් ගෙන්වීම පිටුපස සිටින්නේ කවුද? එය රට තුළ බෙදා හරින්නේ කෙසේද? මේ පිටුපස මෑතකදී කි‍්‍රයාත්මක අන්තවාදී, මූලධර්මවාදී සංවිධාන කණ්ඩායම් සිටිනවාද? යන්න පිළිබදව වහාම විධිමත් පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය. මින් පෙරද මෙවැනි දෑ සිදුවන්නට ඇත. එම නිසා මේ සම්බන්ධව සොයාබැලීම ආරක්ෂක අංශවලත්, බුද්ධි අංශවලත්, රේගු නිලධාරීන්ගේත් වගකීමකි.  එසේ වගකීමකින් පියවර නොගතහොත් සිංහල ජාතිය වඳ කිරිම සඳහා කි‍්‍රයාවට නැගෙන කි‍්‍රියාවලිය සංවිධානාත්මකව දිගටම සිදුවනු ඇත.
මේ සම්බන්ධව අසිංහල, අබෞද්ධ බලවේග දෙසට සිංහලයින්ගේ සාධාරණ සැකය යොමුවීම වැලැක්විය නොහැකිය. ඒවාට ප‍්‍රතිචාර දැක්විම සදහා සිංහලයින් සංවිධානය වීම නොවැලැක්විය හැකි බවත්, සිංහල බෞද්ධයන්ට නිතර අවවාද අනුශසනා කරන සර්ව ආගමික මණ්ඩලවලට මතක්කර දීමට කැමැත්තෙමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
ජාතික සංවිධායක

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos