-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අනුරාධපුර නගරයේ ගණිකාවකගේ ප්‍රවර්ධන පාටිය

ලෝකයේ පැරැණිම වෘත්තියේ නිරතවන මැදිවයසේ කාන්තාවක් සිය රැකියාව ප්‍රවර්ධනය කර ගැනීම සදහා තරුණ ව්‍යාපාරිකයන් පිරිසකට බඩකට පිරෙන්නට මත්පැන් සාජ්ජයක් පැවැත්වීමේ පුවතක් අනුරාධපුර නගරයෙන් වාර්තා විය.


පෙරේදා (12දා) උදෑසන කාලයේ සිට මධ්‍යහ්න ඉක්මවා යනතුරු මත්පැන් සාජ්ජය අනුරාධපුර නගරයේ පිහිටි වෙළෙද සංකීර්ණයක පවත්වා තිබේ. තරුණ හා මැදිවියේ පසුවන ව්‍යාපාරිකයන් පිරිසක් හා ඔවුන්ගේ ගෝලයන් පිරිස දෙනෝ දහසක් බලා සිටියදී නගර සෝබනියගේ මත්පැන් සංග්‍රහය බුක්ති විදි බවත් එයට වෙළෙද සංකීර්ණයේ තවත් ව්‍යාපාරිකයන්ට ඇරයුම්කර ඇතත් ඇගේ ඇරයුම පිරිසක් ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය.

එදින ඇයගේ උපන් දිනය බව කියමින් මෙම මත්පැන් සාදය පවත්වා ඇතත් එහි අරමුණ ඇයගේ වෘත්තියට තව තවත් ගනුදෙනුකරුවන් එක්කාසුකර ගැනීම බව තතුදන් අයෙක් පැවැසුවේය. නගර ශෝභනිය මසකට වරක් දෙවරක් අනුරාධපුර සංචාරයේ යෙදෙමින් සුපුරුදු වෘත්තියේ යෙදෙන බවත් ජනාකීර්ණ පෙදෙසක තරුණයන් ඇදබැද තබාගැනීමෙන් ඇයට ආර්ථික වාසි බොහෝ ලැබෙන නිසා මෙම සාජ්ජය පවත්වා තිබෙන බවත් වාර්තා විය.

රුපියල් දහස් ගණනක් වියපැහැදම් කරමින් ඉස්තරම් මත්පැන් බෝතල් නිවෙස් ඇගේ අතින් සකස් කළ කට ගැස්ම, දුම්වැටි මෙම සාජ්ජයට එක්කර තිබූ අතර, ඇය ඒවා ත්‍රිරෝද රථයක දමාගෙන වෙද සංකීර්ණයට පැමිණ තරුණයන්ට බෙදා දෙමින් සාජ්ජය පවත්වා ඇත. මතට ගිජුවූ පිරිස පාරිභෝගිකයන් පැමිණෙද්දිම වෙළෙදසල් තුළ තමාගෙ මධුවිත තොලගෑ බවද වාර්තා විය.

මැදිවියේ පසුවන නගර ශෝභනියට සාජ්ජයෙන් අනතුරුව තරුණ ව්‍යාපාරිකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබුණු බව වාර්තා විය. බඩකට පිරෙන්නට මත්පැන් පානය කර කෙළින් කටින් සිටීමට නොහැකි වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම වෙනදාටත් කලියෙන් වෙළෙදසල් වසාදමා නිවෙස්කරා ගිය බවද වාර්තා විය.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්
අනුරාධපුර  – මහේෂ් විජේසූරිය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos