-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජේ කේ රෝලිං විසින් හැරී පෝටර් ග්‍රන්ථ මාලාව අලලා රචනා කරන ලද " ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් වෙයා ටු ෆයින්ඩ් දෙම්' ග්‍රන්ථය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගම සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 2001 දී පළ කරන ලද මෙම ග්‍රන්ථය ප්‍රථමයෙන් රචනා වී ඇත්තේ හැරී පෝටර් ග්‍රන්ථ මාලාවේ එන හොග්වර්ට් මායා පාසලේ භාවිතා වන පාඩම් පොතක් ලෙසයි.
වෝනර් බ්‍රදර්ස් නිෂ්පාදන සමාගමේ ප්‍රධානියා වන කෙවින් ත්සුජිහරාගේ බලවත් ඉල්ලීමට අනුව රෝලිං එම ග්‍රන්ථය චිත්‍රපට පිටපතකට සුදුසු ලෙස නිර්මාණය කිරීමට එකඟ වී ඇත.
නිව් යෝක් ටයිම්ස් පුවත් පත සමඟ සාකච්ඡාවකට එක්වූ කෙවින් ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ග්‍රන්ථය අලලා චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කිරීමට සුදානමක් ඇති බවයි.
මෙම කතාව නිව්ට් ස්කැමැන්ඩර් නැමති මායා සත්ව විද්‍යාඥයෙකු වටා ගෙතී ඇති අතර ඔහු විසින් මායා සතුන් පිළිබඳ ග්‍රන්ථයක් රචනා කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos