කරන්දෙණිය දිසා රෝහලේ, වෛද්‍ය ප‍්‍රියන්ත ප‍්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් නීතිපති වාර්තා කඩිනමින් අධීකරණයට ඉදිරිපත් කරන්නැයි බලපිටිය මහේස්ත‍්‍රාත් අසංග බෝදොරගම මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද යළි කැඳවු අවස්ථාවේදියි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරු අපේ‍්‍රල් මස 11 වැනි දින දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.