-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් මැලේසියානු යානය සොයා දකුණු ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට මේ වන තෙක් ඒ හා සම්බන්ධ කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය දා චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වූ  MH370 ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් මේ වන විට ගිලී ගොස් ඇති දැයි, සැකයක් මතුව ඇති බව ය.
මේ අනුව මෙහෙයුම්වල නිරත ගුවන් යානා සහ නැව් ඉන්දියාව සහ තායිලන්තය අතර අන්දමන් මුහුදේ සෝදිසි මෙහෙයුම් නැවත ත් ආරම්භ කර තිබේ.
පුද්ගලයින් 239 දෙනෙකු රැගත් බෝයින් 777 වර්ගයේ මැලේසියානු යානය අතුරුදන් වී මේ වන විට සති දෙකක් ඉක්ම ගොස් අවසන් ය.
යානය සොයා ලොව රටවල් රැසක් අඛණ්ඩව මෙහෙයුම්වල නිරත වුව ද  මේ වන තෙක් අදාළ යානයට  සිදුවූයේ, කුමක් ද? යන්න පිළිබඳ නිවැරදි තොරතුරක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් යානයේ අතුරුදන්වීම පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වූ නොයෙකුත් මානයන් ඔස්සේ පසු ගිය දිනවලදී ‍පරීක්ෂණ මෙ‍හෙය වීය.
ඔස්ට්‍රේලියානු අග්‍රා‍මාත්‍ය ටෝනි ඇබට් ඊයේ දිනයේ සිදු කළ ප්‍රකාශය ත් සමග මෙහෙයුමේ අවධානය දක්ෂිණ ඉන්දියන් සාගරය දෙසට යොමු විය.
අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, අතුරුදන් වූ මැලේසියානු යානයේ බවට සැකකෙරෙන සුන්බුන් දක්ෂිණ ඉන්දීය සාගරය මත ඇති බවට  චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන බව ය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චන්ද්‍රිකා ඡායාරූපවල සඳහන් සුන්බුන්වල එක් කොටසක් මීටර් 24ක පමණ විශාලත්වයෙන් යුක්ත වන බවට ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos