-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිමාවට පත්වූ 2014 බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය 2009 වසර හා සැසඳීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 17 ක් අහිමි වී තිබේ.
2009 වසරේදී ඔවුන් පළාත් සභා දෙකෙන්ම ආසන 106ක් හිමිකරගත් අතර, 2014 වසරේදී එම අගය ආසන 89 ක් දක්වා අඩු වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයට පළාත් දෙකෙන්ම ආසන 42 ක් හිමිව තිබේ. දකුණු පළාත් සභාව තුළ ඔවුන් 2009 වසරේදී හිමිකරගෙන තිබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව වූ 14 ආරක්ෂාකරගැනීමට සමත්ව ඇත.
2014 වසරේදීද ඔවුන් දකුණු පළාත් සභාව තුළ ආසන 14 ක් හිමිකරගෙන තිබේ.නමුත් බස්නාහිර පළාත් සභාව තුළ ඔවුන්ට ආසන 2 ක් අහිමිව තිබේ. ඔවුන් 2009 වසරේදී බස්නාහිර පළාත් සභාවෙන් ආසන 30 ක් හිමිකරගත්තත් 2014 වසරේදී ඔවුනට හිමිව ඇත්තේ ආසන 28 කි.
පළාත් සභා දෙකටම මුලින්ම තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 12 ක් හිමිකරගෙන තිබේ. ඒ දකුණු පළාත් සභාවෙන් ආසන 3ක් හා බස්නාහිර පළාත් සභාවෙන් ආසන 9 ක් වශයෙනි.
ජනතා විමුක්ති පෙරමුණද සිය ආසන ප්‍රමාණය පළාත් සභා දෙක තුළදීම ඉහළ නංවාගෙන තිබේ.
2009 වසරේදී ඔවුන්ට දකුණු පළාත් සභාවෙන් හිමිවූයේ ආසන 3 කි. නමුත් 2014 වසරේදී එය ආසන 5ක් දක්වා වර්ධනය කරගෙන තිබේ.
2009 වසරේදී බස්නාහිර පළාත් සභාවෙන් ජනතා විමුක්ති පෙරමුණට හිමි වූයේ ආසන තුනකි.
ඔවුන්ට මේ වසරේදී ආසන 06 ක් හිමිව තිබේ. පළාත් සභා දෙක තුළම ඔවුන් ආසන 06 කින් වැඩි කරගෙන තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බස්නාහිර ආසන සංඛ්‍යාවේ වෙනසක් නොමැත.
2009 දී හා 2014 දී ඔවුන්ට ආසන දෙකක් හිමිව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා සන්ධානයට 2009 වසරේදී බස්නාහිරින් එක් ආසනයක් හිමිව තිබූ අතර, 2014 දී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට බස්නාහිරින් ආසන දෙකක් හිමිව තිබේ.
1350 කට ඇපත් නෑ
දකුණු සහ බස්නාහිර පළත් සභා මැතිවරණයට ස්වාධින කණ්ඩායම් 42 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1350 කගේ රුපියල් ලක්ෂ 27 ක මුදලක් ඇප මුදල් ලෙස රාජසන්තක ව තිබේ.
දිස්ත්‍රික්ක මට්ටමින් ගැනෙන සමස්ත ප්‍රතිඵලයේදි ඡන්ද ප්‍රමාණය 5 කට වඩා අඩුවෙන් ලබා ගන්නා ස්වාධින කණ්ඩායම්වල ඇප මුදල් රාජසන්තක කිරිමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත මැතිවරණ නීතියෙන් බලය පවරා ඇත.
මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් 42 න් එක් කණ්ඩායමකටවත් එම ඡන්ද ප්‍රතිශතය හෝ එය ඉක්මවා යාමට නොහැකිවිම නිසා ඇප මුදල් රාජසන්තකව තිබේ.
එක් අපේක්ෂකයෙකුගෙන් රුපියල් 2000බැගින් අපේක්ෂකයන් 1350 දෙනෙක් ඇප මුදල් තැන්පත් තැනප්ත කර තිබු අතර එම මුදල් සියල්ල මේ වන විට රාජසන්තකව ඇතැයි මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයන් 473දෙනෙක් ඇප මුදල් ලෙස තැන්පත කළ රුපියල් 946000 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ස්වාධින කණ්ඩායම් 9 කින් අපේක්ෂකයන් 387දෙනෙක් ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 774000 ක මුදලක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ස්වාධින කණ්ඩායම් 9 කින් අපේක්ෂකයන් 225 දෙනෙකු තැන්පත් කළ රුපියල් 450000 ක්ද මෙලෙස ඇප මුදල් රාජසන්තකව තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 4 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 100දෙනෙකුගේ ඇප මුදල් ලෙස රුපියල් 200000 ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 5 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 100 දෙනෙකු ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 200000 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 4 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 68 දෙනෙකු ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 136000 ක්ද රාජසන්තක ව ඇත.
මූලාශ්‍රය - අද / ලක්බිම

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos