-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Showing posts with label Hot news. Show all posts

‘මහින්ද රාජපක්ෂ ප්‍රධාන යුද අපරාධකරුවන් යුදාධිකරණයට ගෙන ගිය දවසටයි මට නින්ද යන්නේ. එවිට තමයි මට සතුටු වෙන්ඩ පුළුවන් යැයි ශ්‍රී ලංකාවට එරෙහිව නිෂ්පාදනය කරන ලද ‘නෝ ෆයර් සෝන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ පසුගියදා කැනඩාවේ දී පැවැති දෙමළ සංස්කෘතික උත්සවයකදී ප්‍රකාශ කොට ඇත.
ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගි වී සිටි ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා එවිට ප්‍රකාශ කොට ඇත්තේ ‘ඒ දිනය ළඟදීම උදාවේවි’ යනුවෙනි.
මේ දෙමළ සංස්කෘතික උත්සවය සංවිධානය කර ඇත්තේ එල්ටීටීඊ හිතවාදීන්ගෙන් සමන්විත කැනඩා දෙමළ කේන්ද්‍රය විසිනි. ලෝකය පුරා විසිරී සිටින එල්ටීටීඊ නායකයන් රැසක් මේ උත්සවය සඳහා කැනඩාවට පැමිණ සිටියහ.
මැලේසියාවේදී ‘නෝ ෆයර් සෝන්’ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගැනීමේදී එම චිත්‍රපටය තහනම් කර මැක්රේ අත්අඩංගුවට ගත් නමුත් පසුව ඔහු කැනඩාවට පැමිණියේ ය.
දැනට එල්ටීටීඊ සංවිධානයේ නායකයකු ලෙස සැලකෙන එක්සත් රාජධානියේ වෙසෙන එමෑනුවෙල් දේව ගැතිවරයා ද විශේෂ ආරාධිතයකු ලෙස මීට සහභාගි වී ඇත.
ශ්‍රී ලංකාවේ දැනට සිදුවන අපරාධ ගැන විස්තර කරමින් ‘නෝ ෆයර් සෝන්’ ප්‍රදර්ශනය කර අවසානයේදී මැක්රේ විසින් මේ ප්‍රකාශය සිදු කොට ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක්වී ඇති බවට වාර්තා වෙයි.
තමන් නිදහස් මාධ්‍යවේදියකු ලෙස හඳුන්වා දුන්නත් මැක්රේ නිතරම දේශන පවත්වන්නේත් පෙනී සිටින්නේත් චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නේත් එල්ටීටීඊ හිතවාදීන්ට බවද ඔහුගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වී ඇත.
මේ අතර මංගල සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය නියෝජිතයන්ට දීර්ඝ ලිපියක් යවමින් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කැර ඇති බව ද වාර්තා වෙයි.
- සිළුමිණ
Alternative text

විදෙස් බලවේගයන් විසින් තමාගේ ජංගම දුරකථනයට සවන් දෙන අයුරින්ම ඉහළම ප‍්‍රභූවරුන්ගේ ජංගම දුරකථනවලටද හොරෙන් සවන්දීම කටයුතු කරන බවට සැක පහලවී ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය 
රාජපක්ෂ මහතා පවසයි.

මේ හේතුව නිසා ඉදිරියේදී රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වඩාත් ආරක්ෂිත ක‍්‍රමවේද යොදා ගැනීමට සිදුවනු ඇති බවද ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

තම ජංගම දුරකථනයට ටික කාලයක් තිස්සේ විදෙස් ඔත්තු සේවාවක් සවන් දෙන බවට අනාවරණය වීම නිසා ජංගම දුරකථන සම්බන්ධ සමාගමකට මේ ගැන සොයා බලන්නැයි දැනුම් දුන් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් තානාපති කාර්යාලයේද සහාය ඇතිව අධිතාක්ෂණ උඅපකරණ භාවිත කරමින් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රටේ ප‍්‍රභූවරුන්ගේ ජංගම දුරකථනවලට හොරෙන් සවන් දෙන බවට රාජ්‍ය ඔත්තු සේවාවන් මේ වන විට අනාවරණය කරගෙන ඇත.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක ඒජන්සිය දුරකථන ඇමතුම් බිලියනයකට පමණ සවන්දෙන බවට හෙළිවී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. එඞ්වඞ් ජෝසෆ් ස්නෝඩෙන් නමැති ඇමෙරිකානු ජාතිකයා මේ සම්බන්ධව ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කර තිබුණි.
Alternative text

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් A කණ්ඩායමේ ක‍්‍රීඩකයකු අඩි 35,000ක් ඉහල අහසේ ගමන් කරමින් තිබූ ගුවන් යානයක දොර විවෘත කරන්නට ගොස් සිදුවන්නට ගිය මහත් විනාශයක් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් වැලකී ගොස් තිබේ.

බීමත්ව සිට ඇති මෙම ක‍්‍රීඩකයා වැසිකිලියේ දොර යයි සිතා ගුවන් යානයේ පිටවීමේ දොර විවර කරන්නට උත්සාහ ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකින් පසු ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ලාංකික ක්‍රීඩකයින්ද රැගෙන පියාසර කරමින් තිබූ යානාව බි‍්‍රතාන්‍ය ජාතික ගුවන් සේවයට අයත් වූවකි. එහි මගීන් 229 දෙනෙකු සිටි බවද පැවසෙයි.
Alternative text

තමන් පොරොන්දු දී ඇත්තේ මෙරට සාමාන්‍ය ජනතාවට මිස ජාත්‍යනතර ප්‍රජාවට නොවන බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී. මේ දිනවල සී ෂෙල්ස් හි රාජතාන්ත්‍රික සංචාරයක නිරත වෙමින් සිටින ජනාධිපතිවරයා මේ අදහස් පලකලේ එරට ජනාධිපති ජේම්ස් මයිකල් මහතා  සමග පැවති සාකච්චාවක් අතරතුරදීය.

“උතුරේ මැතිවරණය මේ වසරේදී පැවැත්වෙන එක සහතිකයි.මම ඒ පිළිබඳ මගේ රටේ ජනතාවට සහතික වෙලා තියෙනව.අප මේ ගැන පොරොන්දු දී ඇත්තේ  ජනතාවට මිස ජාත්‍යන්තර ප්‍රජාවට නොවෙයි.” යනුවෙන් ජනාධිපතිවරයා තම ස්ථාවටය පැහැදිළි කර තිබේ.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී තම රජය ඉතා හොඳ ප්‍රගතියක් ලබා ඇති බවත් තරස්තවාදය අවසන් කිරීමෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 300 ක් පමණ උතුරේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වැය කර ඇති බවත් ජනාධිපතිවරුන් දෙදෙනා අතර රාජතාන්ත්‍රික හමුවෙන් පසු නිකුත්කල ඇති නිවේදනය් සඳහන්ව තිබේ.

ජනාධිපතිවරුන් අතර සාක්ච්චාවේදී මහින්ද රාජපක්ෂ මහතා ආදර්ශමත් රාජ්‍ය නායකයකු බව පෙන්වා දී ඇති සී ෂෙල්ස් ජනාධිපතිවරයා රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සංහිඳියාව සඳහා වන මාවතේ පැහැදිලි ප්‍රගතීන්  ලඟා කරගෙන ඇතැයිද පවසා තිබේ.
Alternative text

‘දෙරණ 360’ වැඩසටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන දිල්කා සමන්මලී වැඩසටහන අතර ආරාධිතයන්ගෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ගැන සෘජුවම විමසනවා.
පසුගියදා ‘දෙරණ 360’ට සහභාගි වූ ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ගෙන් උන්වහන්සේට එල්ල වී ඇති චෝදනා ගැන මේ අයුරින් විමසීම  නිසා දිල්කාට මරණ තර්ජන එල්ල වූ බවත් ඇය නීතියේ පිහිට පතන්නට ඉදිරිපත් වූ බවත් අපට ආරංචි වුණා. ඒ ගැන විමසන්න අප දිල්කාට කතා කළා. අදාළ සිදුවීම ගැන වගේම එදා මෙදා තුර ‘දෙරණ 360’ තුළ වූ සිදුවීම් ගැන තොරතුරු රැසක් ගැන අපි මෙහිදී දිල්කා සමග කතා කළා.
දෙරණ 360 වැඩසටහන් මාලාවේ පසුගියදා විකාශය වූ වැඩසටහන නිසා ඔබට යම් තර්ජන එල්ල වී ඇති බව ආරංචියි.
ඔව්, ඒක ඇත්ත.
ඔබට එල්ල වූ එම මරණීය තර්ජනවලට එරෙහිව නීතිමය පියවරක් ගත්තාද…?
දැනට ඒ ගැන නීතිමය පියවර රැගෙන තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩිදුර කතා කරන්න බැහැ.
අදාළ වැඩසටහනට සහභාගි වූ ස්වාමීන් වහන්සේට එල්ල වී ඇති නීතිමය චෝදනා ගැන ඔබ විසින් විමසීම මීට හේතුව වුණ බවයි ආරංචි මාර්ග පවසන්නේ…?
උන්වහන්සේට එල්ල වී තිබුණු චෝදනා පිළිබඳ ලිඛිත සාක්ෂි සහිතව මා ඇසුවා. උන්වහන්සේ ඊට පිළිතුරු දුන්නා.
මේ තර්ජන එල්ල වුණේ වැඩසටහන විකාශය වූවාටත් පසුව.
මේ තර්ජන උන්වහන්සේගේ පාර්ශ්වයෙන් එල්ල වූ බවට ඔබ සැක කරනවද…?
ඒකට නිවැරදි පිළිතුරක් දෙන්න අමාරුයි. සමහරු මේ වගේ අවස්ථාවලදී බොරදියේ මාළු බානවා. මේක ඒ විදියේ තුන්වැනි පාර්ශ්වයකින් සිදුවූවක්ද කියා මා දන්නෙ නැහැ. ඒ කොහොම වුණත් අදාළ තර්ජනයන් කරන පිරිසට එරෙහිව මේ දිනවල නීතිමය කටයුතු සිදුවනවා. ඒ නිසා ඔය කරුණු ගැන සෘජු පැහැදිලි කිරීම් කරන්න අපහසුයි.
දෙරණ 360 නිසා මින් පෙරත් ඔබට නීතිය අබියසට යන්න සිදුවූ අවස්ථා තිබෙනවාද…?
‘දෙරණ 360’ පටන් ගත්තේ 2007දී. මේ වනවිට මේ සිදුවීම ඇතුළුව අවස්ථා තුනකදී ඔය වගේ පසුබිමක් උදාවී තිබෙනවා.
මොනවද අනෙක් අවස්ථා දෙක…?
එක්තරා දේශපාලනඥයෙකු සම්බන්ධ වැඩසටහනකින් පසුවත් මට මෙවැනි තර්ජන ආවා. එතැනදී නම් එල්ල වුණේ මරණීය තර්ජන නමෛයි. මගෙ චරිතය ඝාතනනය වන විදියේ මඩ ප්‍රචාර යවන බවටයි තර්ජන ආවේ. එතැනදීත් නීතියේ පිහිට පතන්න වුණා. තවත් අවස්ථාවකදී වැඩසටහනට පැමිණි ආරාධිතයකු වෙනත් පුද්ගලයෙකුට එරෙහිව නම් ගම් සහිත ප්‍රකාශයක් කළා. ඒ නිසා එම පුද්ගලයා වැඩසටහනටයි, අදාළ ආරාධිතයටයි එරෙහිව නඩුමගට ගියා. මේ වනවිටත් එම නඩුව උසාවියේ පවතිනවා.
ප්‍රති පාර්ශ්වය අපහසුතාවයට පත්වන විදියේ ප්‍රශ්න ඔබ අසනවා. එම සජීවී වැඩසටහනේදී එම පාර්ශ්වයෙන් ඔබ අපහසුතාවට පත්කළ අවස්ථා නැද්ද…?
ප්‍රතිපත්තියක් විදියට මම වැඩසටහනට එන ආරාධිතයා සමග කතා කරන්නේ වැඩසටහන තුළදී විතරයි. වේශ නිරූපණය අතරවත් කතා කරන්නෙ නැහැ. වැඩසටහන අතර විරාමයක් එළැඹෙන අවස්ථාවලදීත් මම ඒ පුද්ගලයාගේ මුහුණවත් බලන්නෙ නැහැ. ඒ නිසා මාව අපහසුතාවයට පත්කරන්න අසීරුයි. ඒත් ‘දෙරණ 360’ට ආ සමහර අය විරාමය අතරදී ‘බලමු හෙට දිල්කාට මොකද වෙන්නෙ’ කියමින් මාව අපහසුතාවයට පත්කරන්න උත්සාහ කළ අවස්ථා තියෙනවා. ඒත් මා එම අවස්ථාවල ඒවාට උත්තර දෙන්නවත් ඒ තැනැත්තාගේ මුහුණ බලන්නවත් යන්නෙ නැහැ.
‘දෙරණ 360’ සජීවී සංවාදය අතර ඔබගේ මතකයේ රැඳුණු සිදුවීම් මොනවාද…?
දෙරණ 360දී අපි දේශපාලනය පසුබිම වගේම ඒ අයගේ පුද්ගලික තොරතුරුත් අහනවා. එක්තරා වැඩසටහනකට ප්‍රබල අමාත්‍යවරියක් පැමිණියා. එදා මම ඇගෙන් ඇහුවා “ඔබ හොඳ අම්මා කෙනෙක්ද?” කියලා. ඒ වෙලාවේ ඇය දීපු පිළිතුර වුණේ… “මම මගේ කිරි කාණුවකට හලලා දේශපාලන කටයුතුවල යෙදිල තියෙනවා. ඇත්තටම මගෙ දරුවන්ට හොඳ මවක් වෙන්න මට බැරිවුණා” කියන එක. එහෙම කියලා ඇය කඳුළු සැලුවා. ඇගේ කඳුළු කැමරාවෙන් වසන් කළ නිසා ජනතාව දැක්කෙ නැහැ. හැබැයි මම සජීවීව දැක්කා. තවත් අවස්ථාවක එක් තරුණ අවිවාහක දේශපාලනඥයෙක් වැඩසටහනට ආවා. “ඔබතුමා විවාහවෙන්න අදහසක් නැද්ද…?” කියලා මම ඔහුගෙන් ඇහුවා. “මගෙ නම් අදහසක් තියෙනවා. දිල්කාගේ අදහස කොහොමද…?” කියලා ඔහු මගෙන් ඇහුවා. ඒ වෙද්දී මම අවිවාහකයි. ක්ෂණිකව අහපු දෙයින් මම අපහසුතාවයට පත්වුණත් ඒක ඇඟෙව්වේ නැහැ. “මම මගෙ විවාහය ගැන අදහස් කරගෙන ඉන්නේ. මම ඇහුවේ ඔබතුමා ඔබතුමාගෙ විවාහය ගැන දරන අදහස” කියල මම උත්තර දුන්නා.
දිල්කාගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්…?
මගෙ සැමියා දුලාන් චන්දන අසේල. ඔහු මගෙ කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා. දෙන්නම කාර්යබහුලයි. අපි දෙන්නම සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෝ. ඒ නිසා විවේකී දිනවල යාල වැනි ස්ථාන කරා යාම තමයි අපි කරන්නේ.
ඔබ අර ඇමැතිනියගෙන් ඇසූ ප්‍රශ්නය දවසක ඔබගෙනුත් අහන්න මටත් සිදුවේවිද…?
(හිනැහී) මගේ අම්මා (විමලින්ද්‍රා කුමාරි) වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමා නිළියක්. මා ඉපැදුණු පසු ඇය ඒ සියල්ලෙන් ඉවත්වුණා. මටත් දරුවකු හිටිය කාලෙක මම මුල්තැන දෙන්නේ ගෘහ ජීවිතයට. එදාට මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත්වීමට සිදුවුණොත් මා ඊට සූදානම්.
- ආරියවංශ කුලතිලක / lakbima
Alternative text

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඖෂධයක් ලෙස මුත‍්‍රා පානය කලේ යයි පැතිරී යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දක්වයි.

ඔහු පවසන්නේ මේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

‘විරුද්ධවාදීන් මං ගැන නොයෙක් බොරු කතා හදල පතුරුවනවා. ඒ ගැන මම තරහ ගන්නෙ නෑ.
කවුරු හරි මං ගැන එවැනි බොරු කතාවක් ගොතල යම් වින්දනයක් ලබනව නම් බෞද්ධයෙක් විදිහට මම සතුටු වෙනවා. ඒක මට පිනක්.

මම මොකටද ඖෂධයක් විදහට මුත‍්‍රා පානය කරන්නෙ. මේ කතාව සම්පූරණයෙන්ම අසත්‍යයක්’ යයිද අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
Alternative text

තමන්ගේ ජංගම දුරකතනයට හොරෙන් සවන් දෙන සංවිධානාත්මක පිරිසක් ජාතික ආරක්‍ෂාව පිළිබඳ රහස් ලබාගැනීමේ නීති විරෝධී උත්සාහයක යෙදී සිටින බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාල දුරකතන සමාගම වෙත පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධව විශේෂ විමර්ශණ කණ්ඩායමක් විසින් කරන ලද විමර්ශණයකදී අනාවරණය වී ඇත්තේ විදේශීය තානාපති කාර්යාලයක් සහ ප‍්‍රබල විදේශීය ඔත්තු සේවයක් මෙම කාර්යයේ නිරත වන බවයි.

ආරක්‍ෂක ලේකම්වරයාගේ දුරකතනයට අමතරව තවත් ප‍්‍රභූන් ගණනාවකගේ දුරකතන කතාබහටද මෙම පිරිස් සවන් දෙන බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සඳහා අවශ්‍ය අධිතාක්‍ෂණික උපකරණ ඔවුන් සතුව ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදාල දුරකතන සමාගම විසින්ද පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ.
Alternative text

පැවැත්වීමට නියමිත වයඹ පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය සමඟ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහාය ලබන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ සඳහා වූ සාකච්චා වාර කිහිපයක්ම නිට්ටඹුව හොරගොල්ලේදී කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වී ඇති අතර ඒ සඳහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ චන්ද්‍රිකා හිතවාදී පැරණි ශ‍්‍රීලනිප සාමාජිකයන් රැසක්ද සහභාගී වී තිබේ.
දිවයිනේ යුධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් වෙසෙන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බැවින් ඔවුන්ගේ සහායෙන් මෙම මැතිවරණය ජයග‍්‍රහණය කිරීම මෙම කණ්ඩායමේ එක් අරමුණක් වී ඇත.

කුරුණෑගල නගරයේ ඉපැරණි ශ‍්‍රීලනිප සාමාජිකයෙකු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ සමාජ සේවකයෙකු වන සේන ඇඹලේගොඩ මහතාද මෙම කණ්ඩායමෙන් වයඹ පළාතට තරඟ වදින බව දැනගන්නට තිබේ.
Alternative text

- අම්මා එදා මට කිවුවේ ‘පුංචි විජය’ කියලා – ලෝකයේ හොඳම අපේ නළුවා කියයි

‘මම පුංචි කාලේ දහම් පාසල් ගියේ ජාතික ඇදුම ඇදගෙන එක දවසක් අම්මා මට කිවුවා මේ ඉන්නේ අපේ පුංචි විජය කියලා. අම්මා කී දේ ගැන එදා මට එච්චර දැනීමක් තිබුණේ නෑ. නමුත් අම්මා පෙවුව කිරිත් එක්ක ලැබුණු ඒ හඩ ඔස්සේ මා ඉව සොයාගෙන ගොස් ඇති බව දැන් මට හැගෙනවා’ යැයි ඇමෙරිකාවේ නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම නළුවා  සම්මානය හිමිකරගෙන මෙරටට පැමිණි රංගන ශිල්පී ජගත් චමිල පැවසීය.

ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් සෑම්ස් ස්ටෝරි නමින් ඉංග‍්‍රීසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාරච්චි විසින් නිර්මාණය කරනු ලැබූ සැමීගේ කතාව චිත‍්‍රපටයේ මන්ද මානසික සේවකයෙකු වු සැමීගේ චරිතයට පණ පෙවීමෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල මෙසේද  කීය.

‘ඇත්තටම අම්මා එදා කිව් ඒ වදන්වලින් පස්සේ මා මේ තුළ ඊළගට ඉපදෙන්නේ මාගේ ගුරුවරයා වූ තිස්ස ගුණවර්ධන මහතා තුළින් ඉන් පස්සේ තමයි මා මේ කලා ලොවට ඉපදෙන්නේ ඒ වගේම මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය එයට හොද තෝතැන්නක් වුණා.

ඇත්තටම මගේ  අම්මා තාත්තා සහ තිස්ස ගුණවර්ධන මහතා නොසිටින්න  ජගත් චමිල අද  මෙතන නොසිටින්න පව ඉඩ තිබුණා. ඒ වගේම එදා සිට අද මේ මොහොත දක්වා මා සමග කලා නිර්මාණවලට සම්බන්ධ වූ බොහෝ  අය මා ධෛර්යමත් කළා. කිසිම මොහොතකවත් ඔවුන් මා පසුබෑමකට ලක් කළේ නැහැ. තව තව උනන්දුවෙන දේවල් තමයි කළේ. ඒ තුළින් තමයි මා මේ ගමන ආවේ ඉතින් ඒහැම කෙනෙකුටම මගේ ස්තුතිය පිරිනමනවා’

පහත වීඩියෝව එම සම්මානය දිනාගත් දා ජගත් චමිල විසින් එම සභාව සිංහල භාෂාවෙන් ආමන්ත‍්‍රණය කල අයුරුයි


Alternative text

උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉකුත් 20 වැනිදා වේල්සයේ කාඩිෆ් නුවර සොෆායා ගාර්ඩ්න්ස්‌ ක්‍රිකට්‌ පිටියේ පැවැති ක්‍රිකට්‌ තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට පොලු වලින් පහරදීම, මිරිස්‌ කුඩුවලින් මුහුණු වලට ගැසීම ආදී ම්ලේච්ජ ක්‍රියාවන්හි යෙදෙමින් කොටි හිතවාදී දෙමළ පිරිස්‌ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනා. දවස පුරාම මෙම කොටි හිතවාදීන් උද්ඝෝෂණයේ යෙදී සිටි අතර ඒ අසලින් ගමන් ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුහු පරිභව කරමින් පහර දුන්නා.

පොල්ලකින් පහරදීම නිසා එක්‌ අයකුගේ අතකද තවත් අයකුගේ කකුලකද අස්‌ථි බිඳී තිබුනා. ශ්‍රී ලාංකික කාන්තාවක ඉදිරියට පැමිණි එල්. ටී. ටී. ඊ. හිතවාදී කාන්තාවක්‌ ශ්‍රී ලාංකික කාන්තාවගේ මුහුණට මිරිස්‌ කුඩුවලින් ගැසූ අතර මිරිස්‌ කුඩු ඇයගේ ඇස්‌වලට යාමෙන් මහත් වේදනාවකින් පෙලුනා.

මෙම කොටි හිතවාදීන් දරුණු ලෙස හැසිරීමට පටන් ගත් නිසා තරගය අවසානයේ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩා පිටියේ සිට තමන් ගමන් ගත් වාහන දක්‌වා පැමිණීමට ආරක්‍ෂාව සැලසීමට පොලිසියට සිදුවුනා.

ක්‍රිකට්‌ තරගය නැරඹීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ දොස්‌තර ක්‍රිස්‌ නෝනිස්‌ සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ඔහුගේ බිරිඳ සහ පුතාද " සොෆායා ගාර්ඩ්න්ස්‌" ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. පොලිසිය ඔවුනටද විශේෂ ආරක්‍ෂාව සපයා තිබුනා.

තරගයට බාධා කළ එල්. ටී. ටී. ඊ. හිතවාදී තරුණයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් පිළිබඳ ගන්නා නීති ක්‍රියා මාර්ගයන් පිළිබඳව මහ කොමසාරිස්‌ කාර්යාලය විමසිල්ලෙන් සිටින බව අමාත්‍ය උපදේශක චමින්ද කුලරත්න මහතා අප වෙත පැවසුවා.




මේ අතර ඉන්දියා අවසන් පූර්ව තරගය ආරම්භ වීමට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදීන් විසිදෙනකු පමණ පිටියෙන් පිටත රැඳී සිටියද පසුව 200ක් පමණ දෙනා තැනින් තැන ගැවසෙමින් විරෝධතා දක්වා ඇති අතර විවේක කාලයේදී ක්‍රීඩාංගණයෙන් පිටත ශ්‍රී ලාංකිකයන් සිටින තැන්වලට ගොස් "උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද" යනුවෙන් විමසා තර්ජනය කළ හෙයින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන බවද වාර්තා වේ. 

මෙම තරගය පැවැත්වීමට මොහොතකට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදී දමිළ ජාතිකයන් 20 දෙනකු පමණ ක්‍රීඩාංගණය අසල අත්පත්‍රිකා බෙදමින් බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වනු දක්නට ලැබිණි. ඒ අසල පොලිස් නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් රාජකාරියෙහි යෙදී සිටි අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනකු විසින් එම විරෝධතා වීඩියෝ ගත කරන ලදී. 


ශ්‍රී ලංකා - එංගලන්ත තරගය ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දිනයේදී තරගයෙන් පසුව එවන් විරෝධතාවක යෙදුණ පිරිසක් හා ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන් අතර ගැටුමක් සිදු වූ අතර ඊට එකට එක කිරීමක් ලෙසින් අද  දිනයේ විරෝධතාව ප්‍රබල එකක් ලෙස සංවිධානය කිරීමට ඔවුන් උත්සාහ කොට තිබුණද එයද අසාර්ථක වී තිබූ බව පැමිණ සිටි සුළු පිරිසෙන් පෙනුණි. 


එනම් අද  ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම සඳහා කාඩිෆ් වෙත පැමිණෙන ලෙසත් එහි යෑමට සූදානම් වන අය වෙනුවෙන් නොමිලේම ප්‍රවාහන පහසුකම් සලසන බවත් දන්වමින් පෙරේදා සමහර ප්‍රදේශවල අත්පත්‍රිකා බෙදාහැර තිබුණද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණ බවක් අද ඊට සහභාගි වී සිටි කුඩා පිරිසෙන් පෙනෙන්නට නොතිබීමද විශේෂත්වයකි. 


මේ අතර තරගයේ 49 වැනි පන්දු වාරයේදී එල්. ටී. ටී. ඊ. ධජය රැගත් දෙමළ ජාතිකයකු ක්‍රීඩාපිටියට කඩාවැදුණු අතර ඔහු බි්‍රතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අතර නැවතත් එංගලන්ත වේලාවෙන් පස්වරු 4.30ට පමණ ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී එම පිරිසේ සිටි පස්දෙනකු පමණ ක්‍රීඩා පිටියට නැවැතත් කඩා වැදී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් එංගලන්තයේ වේල්ස් පොලිසිය එක් අයකුට පවුම් 1000 බැගින් දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.





Alternative text

වහාම එංගලන්තයේ සිටින ශී‍්‍ර ලාංකික සිංහලයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලක් රජය බි‍්‍රතාන්‍ය රජයට බලකල යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂය පවසන්නේ බි‍්‍රතාන්‍ය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් වුවත් එළි පිට නොබියව මෙවැනි කි‍්‍රයාකාරකම්හි නිරත වූයේ බි‍්‍රතාන්‍ය රජය හා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ අනියම් ලෙස මොවුන්ට සහයෝගය ලබාදෙන නිසාවෙන් බවය එම නිවේදනයේ මෙසේද දැක්වේ.
බි‍්‍රතාන්‍යයේ සිංහලයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු
ඊයේ කාඩිෆ්හි පැවති ශී‍්‍ර ලංකා ඉන්දීය අවසන් පූර්ව ක‍්‍රිකට් තරගය අවසන් වීමට පෙර එල්.ටී.ටී.ඊ. හිතවාදීන් 200 ක පමණ පිරිසක් ඉතා කලහකාරී ලෙසත්, ප‍්‍රචණ්ඩ ලෙසත් හැසිරෙමින් ශී‍්‍ර ලාංකික සිංහල පේ‍්‍රක්‍ෂකයන්ට යකඩ පොලූ, මුගුරු භාවිතා කරමින් පහර දී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. තවද සිංහ ධජ පාගමින් එල්.ටී.ටී. ධජ ඔසවමින්, ශී‍්‍ර ලංකා විරෝධී පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් කී‍්‍රඩාංගනයට පැන තරගයට බාධා කිරීම් මොවුන් විසින් සිදුකර ඇත. ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියා දෙරට අතර, මීට පෙර දින පැවති තරගාවලිය අවසානයේද එල්.ටී. ටී. හිතවාදීන් මෙලෙස ශී‍්‍ර ලාංකික සිංහහලයින් ප‍්‍රකෝප කරවන ලෙස හැසිරිණි.
මෙම අවසන් පූර්ව තරගයේදී එල්.ටී.ටී. හිතවාදී කි‍්‍රයාකාරකයින් ඉතා සංවිධානාත්මකව මෙවැනි කි‍්‍රයාකාරකම් සිදුකිරීමට සූදානම් වන බව තානාධිපති කාර්යාල හා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ දැන සිටි මුත් මෙය වැලැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධව බි‍්‍රතාන්‍ය රජයට මෙන්ම බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ වෙත අපගේ දැඩි විරෝධය හා අප‍්‍රසාදය පල කර සිටිමු. මෙම සිද්ධිය ඉතා බරපතල තත්වයකි. වහාම එංගලන්තයේ සිටින ශී‍්‍ර ලාංකික සිංහලයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලක් රජය බි‍්‍රතාන්‍ය රජයට බලකල යුතුය. බි‍්‍රතාන්‍ය තුළ එල්.ටී.ටී. සංවිධානය තහනම් සංවිධානයක් වුවත් එළි පිට නොබියව මෙවැනි කි‍්‍රයාකාරකම්හි නිරත වූයේ බි‍්‍රතාන්‍ය රජය හා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ අනියම් ලෙස මොවුන්ට සහයෝගය ලබාදෙන නිසාවෙනි.
බි‍්‍රතාන්‍ය තුළ නැවත එල්.ටී.ටී කි‍්‍රයාකරකම් ඉතා සංවිධානාත්මකව හිස ඔසවමින් පවතින බව මෙයින් මනාව පැහැදිළි වේ. ශී‍්‍ර ලංකාව තුළ සිංහල ගම්මානවලට පැන මිනීමරු එල්.ටී.ටී. සංවිධානය සිදුකළ පහරදීම්, පළවා හැරීම්, ඝාතනය කිරීම් වැනි දෑ අද වෙනත් රටවල ජීවත් වන සිංහලයින්ට මුහුණදීමට, අත්විදීමට සිදුව ඇත. මේ සම්බන්ධව අප රටට අතපොවන ජාත්‍යන්තර නිරීක්‍ෂකයන්ගේ ඊනියා මානව හිතවාදීන්ගේ අවධානය යොමුවිය යුතුය. එල්.ටී.ටී. ක‍්‍රියාකාරකයින්ට මෙලෙස කි‍්‍රයාත්මක වීමට ඉඩදී බලා සිටීම හා එල්.ටී.ටී. කි‍්‍රයාකාරකයින්ට රැකවරණය ලබාදීම තුළින් යම් දිනෙක එම රටවලටද මොවුන් තර්ජනයක් වනු ඇත. එබැවින් මෙම තත්වය වහාම මැඩලීමට ජාත්‍යාන්තරය අවධානය යොමුකල යුතුය.
ශී‍්‍ර ලාංකික ක‍්‍රීඩකයන්ට තර්ජනය කරමින් ශී‍්‍ර ලාංකික සිංහල පේ‍්‍රක්‍ෂකයන් 15 කට ආසන්න පිරිසකට යකඩ, පොලූ භාවිතා කරමින් පහර දෙමින්, තුවාල සිදු කරමින්  සිංහලයන්ට එරෙහිව සිදුකරන මෙවැනි දෑ මින් ඉදිරියට සිදුවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට බි‍්‍රතාන්‍ය රජය මෙන්ම ශී‍්‍ර ලංකා රජයේද තානාපති කාර්යාලයන්හිද වගකීමකි.
Alternative text

ඊයේ එංගලන්තයේ කාඩිෆ්හිදී පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය නැරඹීම සඳහා පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට  අසලදී කොටි හිතවාදීන් පහර දී තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ.

ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන් 15කට ආසන්න පිරිසක් තුවාල ලැබ ඇති අතර කොටි හිතවාදීන් ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයන්ට පහරදීම සඳහා යකඩ පොලූ මුගුරු සහ විවිධ පුවරු භාවිත කර තිබෙන බවද පැවසේ.

කොටි හිතාවාදීන් 2000ක් පමණ ක්‍රීඩා පිටියේ රැදී සිට ඇති අතර අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණීමත් සමඟ ගැටුම් තත්වය සමනය වී තිබේ.

මේ අතර තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග අවසන්  ඕවරයට මුහුණ දෙමින් සිටියදී එල්ටීටීඊ කොඩි රැගෙන කොටි හිතවාදීන් දෙදෙනකු ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා තරගය මද වේලාවක් නතර කිරීමටද සිදුවිය.
Alternative text

මෙවර දෙරණ 360 වැඩසටහනට සහභාගී වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් අපහසුතාවයට පත්වන අකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදුකල බව පවසමින් එම වැඩසටහන මෙහෙයවනු ලබන දිල්කා සමන්මලී මහත්මියට දුරකතන  ඔස්සේ දිගින් දිගටම මරණිය තර්ජන එල්ලවෙමින් ඇතැයි ඇය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර තිබේ.

සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන විරෝධයක් එල්ල කරමින් ඥාණසාර හිමි අදහස් දක්වමින් සිටියදී දිල්කා විසින් ඤාණසාර හිමියන් බීමත්ව රිය පදවා අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔප්පු කලේය.

දෙරණ ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අන්දමට මෙම වැඩසටහනට සඳහා සහභාගී වීම දෙරණ ආයතනය වෙතින් ඤාණසාර හිමියන් ඉල්ලීම් කර ඇති අතර ආයතනය විසින් දැනුම් දී ඇත්තේ වැඩසටහනේදී ඊට සහභාගී වන්නා දැඩිව ප‍්‍රශ්ණ කිරීමකට ලක්වන බැවින් ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ නමක් සහභාගී වීම නුසුදුසු විය හැකි බවයි. කෙසේ වෙතත් දිගින් දිගටම ඤාණසදාර හිමියන් විසින් කරනු ලැබූ ඉල්ලීම මත ඒ සඳහා අවස්ථාව උන් වහන්සේට ලබා දී ඇති බවද පැවසේ.

Alternative text

තම දියණියගේ නිල ඇඳුම සම්බන්ධයෙන් අවවාද කලේ යයි නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්සවූ වයඹ පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රි සරත් ආනන්ද කුමාර මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ල.නි.ප. නායකත්වයට යොමු කර ඇතැයි වාර්තා වේ.

තමාට එම සිද්ධිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍යව ඇතත් තම පක්‍ෂයත්, රජයත් අපහසුතාවට පත් නොකළ යුතු හෙයින් මේ අවස්ථාවේදී එවැනි ප්‍රකාශයක් නොකරන බව මන්ත‍්‍රිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. සිද්ධියෙන් අදාළ ගුරුවරියටත් නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරු මණ්ඩලයටත් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ පිළිබඳව තම කනගාටුව ප්‍රකාශ කරන බවද මන්ත්‍රිවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Alternative text

මේ සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වුයේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ය. දිල්කා සමන්මලී සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවීය.

ඤාණසාර හිමියන් සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන දැඩි විරෝධයක් එල්ල කරමින් භික්‍ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා සුරාවට දැඩි ලෙස විරෝධය දක්වන්නන් බවද කීහ.

එහිදී දිල්කා හරස් විය.
අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කලේය. චූදිතයා ඤාණසාර හිමිය. වරද නවයකි. බලපත‍්‍ර නොමැතිව අධික බීමතින් රිය පැදවීම ඉන් ප‍්‍රධානය. ඇය මේ සම්බන්ධයෙන් හිමියන්ගෙන් දැඩිව ප‍්‍රශ්ණ කලේය. ඤාණසාර හිමියන් විවිධ කතා කියමින් කතාව වෙනතක ගෙන යන්නට උත්සාහ කලද දිල්කා අතහැරියේ නැත.  ස්වාස නාල පරීක්‍ෂාවෙන් පවා උන් වහන්සේ බීමත්ව සිටි බව නඩු වාර්තාවේ දැක්වෙන් යයි කී විට උන් වහන්සේ බොහෝ හෙම්බත්ව කීවේ දැන් ඊළඟ ප‍්‍රශ්ණයට යමුයි කියාය.

තවත් විටෙක මහමිතව පඤ්ඤාරතන හිමියන්ගේ චෝදනා ගැන ආය විසින් විමසද්දී ඤාණසාර හිමියන්කීවේ එහෙම භික්‍ෂුවක් දන්නේ වත් නැති බවය. විනාඩි දෙකක් යන්නට මත්තෙන් නැවතත් කීවේ පඤ්ඤාරතන හිමියන් හඳුනන බවත් නමුත් උන් වහන්සේ තම සංවිධානයේ විශේෂ විමර්ශණ ඒකකය බාරව කටයුතු නොකල බවත්ය.
Alternative text

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන ඕනෑම අවස්ථාවක වයඹ පළාත් සභාව විසුරුවීමට වයඹ පළාතේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු අලියගහ මදුරේදී ජනාධිපතිවරයාට සිය එකඟතාවය පළ කළහ. නවගත්තේගම ගුරුවරිය දණ ගැස්සවූ බව කියන පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාරට සිය මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට ද තීරණය විය. ඔහුට පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා නොදිමට තවත් තීරණයක් ගැනිණි
Alternative text

සිය දියණියගේ පාසැල් නිල ඇඳුම සම්බන්ධයෙන් අවවාද කලේ යයි කෝප වී වයඹ පළාත් සභාවේ මන්තී‍්‍ර ආනන්ද සරත් කුමාර මහතා විසින් දණ ගැස්වූ  බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇත.
ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ඇයට සාධාරණයක් ඉෂ්ට කරන බවයි.

මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහිව නවගත්තේගම නවෝද්‍යා පැසැල ඉදිරිපට මින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක්ද පැවති අතර ඊට පැසැල් සිසුන්, ගුරුවරුන් එක්ව සිටියහ. උද්ඝෝෂණයෙන් පසු එකී පාසල අද දිනට තාවකාලිකව වසා දමා තිබේ.

මේ සම්බන්ධ මන්ත‍්‍රිවරයා රක්‍ෂිත බන්ධානාරගයේ පසුවන අතර ගුරුවරියෙගේ නිවසට කිසියම් පිරිසක් තර්ජනය කර ඇති බවද සඳහන්ය.

‘අපේ විදුහලේ ශිෂ්‍ය නායක මණ්‌ඩලය මගින් පාසලට පැමිණෙන ශිෂ්‍යාවන්ගේ නිල ඇඳුමේ ප්‍රමිතිය සොයා බැලුවා. ඒ අතරින් නියමිත දිගට ගවුම් ඇඳ නොතිබූ ශිෂ්‍යාවන් කිහිප දෙනකුට විනය පියවර ගෙන අවවාද කිරීමට මා වෙත යොමු කළා. පාසලේ ශිෂ්‍ය නායක මණ්‌ඩලය භාරව ඉන්නෙත් මමයි.

එහිදී පාසල් ආපු සමහර සිසුවියන්ගේ ගවුම් කොටට තිබුණ බව මා දැක්‌කාග ඒ අනුව ඔවුනට අවවාද කර ශිෂ්‍ය නායක මණ්‌ඩලය දැනුවත්ව ඔවුනගේ ගවුම්වල වාටිය දික්‌ කළා. එම සිසුවියන් අතරේ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාගේ දියණියත් සිටියා.

පසුව මේ විනය පියවර ගැන ආරංචිවෙලා මන්ත්‍රීතුමා පොල්ලක්‌ අරගෙන පාසලට ආවා. මට පරුෂ වචනයෙන් ප්‍රසිද්ධියේ බැන වැදුණා. මට දණ ගහන්න කිව්වා මම විනාඩි 5 ක්‌ විතර දණ ගසා සිට නැගිට්‌ටා. ඊට පස්‌සෙ ආයෙත් මට දණගහන්න කිව්වා’ සිද්ධියට මුහුණ දුන් ගුරුතුමිය එච්. එම්. ප්‍රියානි සුසිලා හේරත් ගුරුවරිය සඳහන් කරයි.
Alternative text

මිනී මැරුම් චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ජීවිත තර්ජන එල්ල කල බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසයි.

පරීක්‍ෂණයේ ප‍්‍රගතිය ගැන කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් අබේසේකර මහතා මේ බව පවසයි.

සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්න කර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසුන්ගෙන සිටි පුටුව පිටුපසට තල්ලූකර ‘මට තේරුණා උඹලා මේ වැඬේ කරනවා කියා. හැබැයි උඹලාට බැහැ හැමදාම මාව ඇතුලේ තබා ගන්න. ශානි මම මිනීමරුවෙක්. මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ’ යයි ප‍්‍රකාශයක් කළ බව එම වාර්තාවේ සඳහන්ය.

මෙම ප‍්‍රකාශය සිද්ධිය විමර්ෂණය කළ නිලධාරීන්ට කළ ජීවිත අනතුරක තර්ජනයක් මෙන්ම පවුලේ අයට එල්ල වූ තර්ජනයක් බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර අධිකරණය හමුවේ කියා සිට ඇත.
Alternative text

භික්‍ෂූන් වහන්සේ නමක් කොළඹ අරලියගහ මන්දිරය අසල ලිබර්ටි වටරවුමේ ගසක් මතට නැගී විරෝධතාවයක් ආරම්භකර ඇතැයි පොලීසිය පවසයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
Alternative text

බම්බලපිටියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බස්නාහිර උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි මස 22 දින පැහැරගෙන ගිය ව්‍යාපාරිකයාගේ මළ සිරුර දොම්පෙ ප්‍රදේශයේ තිබි හමුවිය.

ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 06 වන දින බස්නාහිර උතුරු දිසාවට අයත් පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනියුක්තව සේවය කළ උ.පො.ප ලක්මිණි බමුණුසිංහ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ ඒකකයේ සේවය කළ කොස්තාපල්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයාගේ ඝාතනයට නියෝජ්‍ය පොලිස්පතිවරයා යම් සම්බන්ධයක් ඇති බවට කරුණු අනාවරණයවීමෙන් පසු එදිනම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.

එදින පුරා පැය 5 ක් පමණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කර මුදා හරිනු ලැබූවද හෙළිදරව්වී ඇති බොහෝ තොරතුරු හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවිය. ඒ අනුව නැවතත් ජූනි මස 07 වෙනිදා ඔහුව රහස් ‍පොලීසියට කැඳවා තිබුණද පසුව එය අවලංගු කොට තිබුණි.

එයට හේතුවූවේ සමුළුවකට සහභාගිවීමට රටින් බැහැරව සිටින ‍පොලිස්පතිවරයා නැවත 09 වෙනිදා ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ උපදෙසින් ඉදිරි පියවර ගන්නට විය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ එම්.එම්. මොහොමඩ් සියාම්, තිදරු පියෙකු වන අතර පදිංචිව සිටියේ බම්බලපිටිය සාගර පාරේ නිවසකය. මැති ඇමැතිවරුන් පවා ළඟින් ඇසුරු කළ අයෙකු වන සියාම් පාවහන් කොටස් ආනයනය කොට එකළස් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටියෙකි.

එකී ව්‍යාපාරයට හවුල්වී සිටි ෆවුස්ඩීන් නමැති මිතුරා , සියාම්ට කෝටි ගණනින් ණය වී සිටියාසේම ව්‍යාපාරය මුළුමනින්ම අත්පත් කර ගැනීමේ නොනිම් ආශාවෙන් යටිකූට්ටු වැඩ කරමින් සිටියේය.

මැයි 22 වෙනිදා බම්බලපිටියේ පිහිටි සියාම්ගේ නිවසට ෆවුස්ඩීන් පැමිණ ව්‍යාපාරික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොළඹ – ගාලුපාරේ අවන්හලකින් රාත්‍රී ආහාරය ලබාගන්නේ දෙදෙනාම එකටය. එතැන් සිට සිදුවන ක්‍රියාදාමය ත්‍රාසජනකය.

සියාම් යළිත් නොපැමිණි අතර තමා වැල්ලවත්තේ පිහිටි නිවසට ඇරලවා ඔහු යන්නට ගිය බවත් , ඔහු අතුරුදහන්වී ඇති බවත් පවසමින් පොලිසීයේ පැමිණිල්ල සටහන් කරන්නේද ෆවුස්ඩීන්මය.

පරීක්ෂණ සිදුවූවත් නිසි ප්‍රගතියක් අත්නොවුණු අතර සියාම්ගේ ඥාති සොහොයුරෙකු වන මුස්ටාක් නමැති අය ගංගාරාම වෙසක් කලාපය විවෘත කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමණි අවස්ථාවේදී අතුරුදහන්වූ සිය ඥාති සහෝදරයා ගැන පැවසීමත් සමග ජනපති නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ කටයුතු විධිමත් කරන ලදී.

සියම් අතුරුදහන්වුණු මැයි 22 දා රාත්‍රියේ සිට නුගේගොඩ කන්දෙවත්ත පාරේ අතහැර දමා තිබුණු ඔහුගේ මෝටර් රථය ඒවන විට පැවතියේ මිරිහාන පොලීසිය භාරයේය.

රථය ‍පොලිස් ස්ථානයට 23 වෙනිදා ගෙනැවිත් තිබුණද එම රථය සියාම්ට අයත් මෝටර් රථය බව කිසිවෙකුත් දැන නොසිටි බවත්, ඒ බව අනාවරණය කර ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බවත් සඳහන්ය.
මෝටර් රථය හමුවුණු ස්ථානය කොතැනදැයි මිරිහාන ‍පොලීසියෙන් දැනගත් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මෝටර් රථය අතහැර ගිය ස්ථානයට මඳක් ඔබ්බෙන් ඇති නිවසක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකින් එය එතැනට ගෙනවිත් දමන ලද්දේ තමාව වැල්ලවත්තේ නිවසට ඇරලවා ගිය බව පැවසූ සියාම්ගේ මිතුරා වන ෆවුස්ඩීන්ම විසින් බැව් අනාවරණය වී තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මැයි මස 30 වෙනිදා ෆවුස්ඩීන්ව අත්අඩංගුවට ගනු ලැබූ අතර දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඝාතන සැලසුම තමාගේ බවත් , එය සිදුකරනු ලැබූවේ රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට බවත් ඔහු විසින් පිළිගන්නා ලදී.

පොලීසියේ උසස් නිලධාරීන් හා පහල නිලධාරීන් එක සේ හඳුනන, තවත් නීති විරෝධී ජාවාරම් කටයුතුවලට නම්දරා සිටින පිටකොටුවේ “චුට්ටේ” නම් ව්‍යාපාරිකයෙකු විසින් අදාළ කොන්ත්‍රාත්තුව භාරගෙන එය පොලීසියේ මිතුරන්ට ලබාදී ඇති බව කියැවීම නිසා 30 වෙනිදා රාත්‍රියේම චුට්ටේව ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයට පොලීසියේ උදවියගේ ඇති සම්බන්ධය අනාවරණය වූ අතර ඝාතනයෙන් ලබාගත් කොන්ත්‍රාත් මුදල පොලිස් නිලධාරීන් අතරේ බෙදී ගිය ආකාරයද හෙළිදරව් විය.

-Adaderana-

Alternative text

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos