Aug
23
ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු ඇමරිකාවට යාමට සූදානම්වන බව වාර්තා වේ.
ඒ අනර්කලී මේවන විට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බැවිනි.
ඇය සම්බන්ධ කරුණු තහවුරුකර ගැනීමනේ පසුව ඒ පිළිබඳ අධිකරණයට තොරතුරු වාර්තා කිරීමටත්, ඒ හරහා ඇයට අධිකරණය හමුවේ පෙනී සිටීමට ඉල්ලීමක් කිරීමටත් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සැලැසුම්කර ඇත.
කෙසේවුවද, ඇය අධිකරණ නියෝග පැහැරහැරියහොත් ඇයට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමටද FCID ය සැලැසුම්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අනර්කලීට, පසුගිය ජූලි 09 වැනිදා ඇමරිකාවේ ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් විසින් සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා දිනය (Sri Lanka Day 2016) වෙනුවෙන්ද ආරාධනා ලැබී තිබී ඇති බව මේ අතර වාර්තා වේ. (එහි ඡායාරූප කිහිපයක් පහත දැක්වේ)
මේ සංවිධානයේ නිමාතෘවරයා සේ සැලැකෙන්නේ දොස්තර වෝල්ටර් ජයසිංහ මහතාය.
දිලුම්ගේ කාර්එක මස්කලාට අනර්කලීට නඩු ?
පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ අනර්කලී ආකර්ෂාට සිය ඡන්ද කටයුතු සඳහා යොදා ගැනීමට ලබාදුන් බවට සැක කෙරෙන කැබ් රථයක් මාතර ගරාජයක තිබියදී පසුගියදා සොයාගෙන තිබිණි.
මෙසේ සොයාගත් කැබ් රථයේ බොහෝ කොටස් මස්කර තිබූ බවද පැවසේ.
මේ කැබ්රථය සෙංකඩගල නවෝදයෙන් ලබාදුන් එකක් බවටද හෙළිව තිබේ.
දෙනියායේදී අනතුරකට පත්වීමෙන් පසුව මේ කැබ්රථය මාතරට ගෙනවිත් ඇති බව පැවසේ.
50-4597 දරණ මේ කැබ් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ මැදිහත්වීමෙන් අනර්කලීට ලැබුණු එකක් බවටද රාවයක් පවතී.