Jul
17
ඊට අමතරව තරුණ සේවිකාවන් රැසක් බැංකුව අත්හැර ගිහින්
මෙරට නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් පවත්වාගෙන ගිය ඉහළ සමාජයේ කාන්තාවන් විශාල පිරිසක්, කාන්තාවක ලිංගික සූරාකෑමකට ලක් කිරීම සම්බන්ධයෙන් එම බැංකු පාලනාධිකාරියට විරෝධය දක්වා ඔවුන්ගේ ගිණුම් ඉවත් කරගැනීම සිදු කරමින් පවතින බවත් වාර්තාවේ.
මේ අතර නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ඉහළ නිළධාරියකු හා කනිෂ්ඨ නිළධාරිනියක අතර එම බැංකු පරිශ්‍රය තුලදී වූ කාම සම්බෝගයක් පිලිබද වීඩියෝ පට කිහිපයක් සමාජ ජාලාවල පසුගිය දින කිහිපයේදී සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්බ කර ඇති බව වාර්තාවේ. ජංගම දුරකතනයකින් පටිගත කළ එම වීඩියෝ පට අන්තර් ජාලයට මුදා හැරි සහ එය බෙදාහැරි පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බව එම දෙපාර්තමෙන්තුවෙන් ලැබෙන තොරතුරු සනාත කරයි.
එම නිළධාරියා තමාගේ කනිෂ්ඨ නිළධාරිනියකව මේ සඳහා පොළඹවාගෙන ඇත්තේ උසස් වීමක් ලබා දීමේ පොරොන්දුව මත බව වාර්තාවේ. කෙසේ නමුත් මේ අන්තර්ජාලයට මුදා හැරීම එම බැංකු නිලධාරියාගේ ජංගම දුර්කතනය අලුත්වැඩියාවක් සිදු කර පුද්ගලයකු විසින් සිදු කර ඇති බවට ද වාර්තා පලවේ.
කෙසේ නමුත් මෙම සිදුවීමත් සමඟ එම මූල්‍යායතය මේ වන විට තවත් බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙන බවත් වාර්තවේ. ඒ එහි සේවය සඳහා බඳවා ගත් නවක නිළධාරිනියන් හා පුහුණු වන තරුණියන් රැසක්ම මේවන විට එම බැංකුව අත්හැර යෑමය. ඔවුන්ගේ මාපියන්ගේ බලපෑම මත එසේ සිදුව තිබෙන බවත් වාර්තවේ.