Sep
18
ඒටීම් යන්ත්‍ර මගින් මුදල් ලබාගන්නා අවස්ථාවල දී මුදල් මංකොල්ල කෑ පුද්ගලයින් සම්බන්ධ පුවත් අප බොහෝ අවස්ථාවල දී මාධ්‍ය ඔස්සේ දැක තිබේ.
මෙම පුද්ගලයින් මංකොල්ලය සඳහා යොදාගනු ලබන්නේ ගිනි අවියක් හෝ උල් ආයුධයක් බව සීසීටීවී දර්ෂණ ඔස්සේ අප දැක ඇත.
නමුත් අමානුෂික ලෙස ගල්වලින් ඔලුවට පහර දී ඒටීම් කාඩ්පතින් මුදල් ලබාගන්නා සොරෙකු පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.
මෙම සීසීටීවී දර්ශණ වසර කිහිපයක් පැරණි නමුත් මෙය ඔබ වෙත ගෙන ඒමේ ප්‍රධාන අරමුණ ඒටීම් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ දී පිටුපස සිටින පුද්ගලයා පිළිබඳ සැළකිලිමත්ව සිටිය යුතු බව දැනුම් දීම සඳහාය.