නවසීලන්තයේ නිෂ්පාදිත අධි සාන්ද්‍රිත වේප්‍රෝටීන අඩංගු ආහාරවල ක්ලොස්ට්‍රිඩියම් බොටියුලිනම් බැක්ටීරියාව අඩංගු නොවන බවට තහවුරු වීම හේතුවෙන් එම සියලු ආහාර වෙළෙඳපොළේ අලෙවිය සඳහා නිදහස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
වේ ප්‍රෝටීන අඩංගු ආහාරවල අදාළ බැක්ටීරියාව අන්තර්ගත වන්නේ ද යන්න සොයා බැලීම සඳහා පසුගිය කාලය තුළ වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් පර්යේෂණ සිදු කෙරිණි.
පර්යේෂණ සිදු කරන තුරු අලෙවිය නතර කරන ලද ආහාරවල අදාළ බැක්ටීරියාව ඇතුළත්ව නොමැති බව තහවුරු වූ නිසා මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


