රත්තොට පල්ලේ වේරගම ප‍්‍රදෙශයේදී ගුවන් හමුදා සෙබළකු විසින් තම බිරිඳට සහ නැන්දනියට අමානුෂික ලෙස පහරදී නැන්දනිය ඝාතනය කොට ඇත.
ඉන් පසු ඔහු එම ස්ථානයේම ගෙල වැලලාගෙන සියදිවි හානි කොට ගෙන ඇති බව රත්තොට පොලිසිය පවසයි. බරපතළ කැපුම් තුවාල සහිතව බිරිඳ මේ වනවිට මාතලේ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර රත්තොට පොලිසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


