May
30
දොළොස්බාගේ වින්ස්ටපොරස් වතු යායේ ගැබිනි මවක් දරු ප‍්‍රසූතිය සඳහා දොළොස්බාගේ රෝහලට පැමිණියද, රෝහල් බලධාරීන් විසින් ඇය භාරනොගැනීම නිසා ඇය තම නිවසේදීම එම දරු ප‍්‍රසූතිය සිදුකළ පුවතක් වාර්තා වේ.
පසුගියදා ඇය සිය සැමියා සමග දරු ප‍්‍රසූතිය සඳහා දොළොස්බාගේ රෝහලට පැමිණ ඇති අතර, රෝහල් බලධාරීන් ඇය භාරගැනීමට නොහැකි බව පවසා ඇත.
ඉන්පසු ඇය තම ස්වාමියා සමග ආපසු නිවසට ගොස් ඇති අතර, පසු දින අලූයම ඇය තම නිවස තුළදී දරුවා ප‍්‍රසූත කර ඇත. ඒ අවස්ථාවේ එම වතුයායේ පෙර පාසල් පාලිකාවට දැනුම්දීමෙන් පසු ඇය වතුයායේ වෛද්‍යවරයා සමග පැමිණ කඩිනමින් බිළිඳා සහ කාන්තාව රෝහල වෙත යැවීමට කටයුතු කළදද, එම අවස්ථාවේදීද රෝහල් බලධාරීන් ඇයව භාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. පසුව මෙම මව සහ බිළිඳා නාවලපිටිය මූලික රෝහල වෙත රැගෙන යාම නිසා ඔවුන්ගේ ජීවිත බේරී ඇත.
වින්ස්ටපොරස් වතුයායේ වෛද්‍යවරයා සහ පෙර පාසල් ගුරුවරිය වන උමා දේවී මෙනෙවියගේ කාරුණික අවධානය යොමු වූ නිසා මෙසේ ජීවිත ආරක්ෂා වී ඇත්තේ එස්.සරෝජනී මහත්මියගේ සහ ඇගේ බිළිඳා ගේය.