-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිවෙසේ තිබූ රන් ආභරණ කිහිපයක් වැඩි ආරක්‍ෂාව සඳහා අත්බෑගයේ දමාගෙන අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මව බැලීමට පැමිණ එක්ස් කිරණ අංශයට ගිය අවස්ථාවේ එම බෑගය තම ඥාති දියණියගේ බව පවසා පැහැරගෙන ගිය ක්‍ෂය රෝගයෙන් පෙළෙන පුද්ගලයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (11දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ සිටින්නේ රඹෑව කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් පමණ වන පුද්ගලයෙකි.


පැමිණිලිකාරිය නිවෙසේ කිසිවකු නොමැති නිසා වැඩි ආරක්‍ෂාවට නිවෙසේ තිබූ රන් මුදු දෙකක්, කරාබු යුගල දෙකක්, අත් බෑගයේ දමාගෙන රෝහලට පැමිණ මව එක්ස් කිරණ කාමරය තුළට ගෙන යද්දී බෑගය රෝහල් වාට්ටුවේ තබා ගොස් ඇති අතර සැකකරු මෙම රෝගියාගේ හා තරුණියගේ නම්, ගම් සියල්ල දැනගැනීමෙන් අනතුරුව වාට්ටුවට ගොස් එක්ස් කිරණ අංශයට ගිය දියණිය අත්බෑගය ගෙන එන ලෙස දැන්වූ බව කියා වාට්ටුවේ සිටි පුද්ගලයන් රවටා බෑගය රැගෙන පලාගොස් තිබිණි.

සොරාගත් අත්බෑගයේ තිබූ වටිනා ජංගම දුරකතනය වෙනත් පුද්ගලයකුට විකුණා තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි. සැකකරු ඊයේ (11දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos