-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහජන සම්බන්ධතා  ඇමැති මර්වින් සිල්වා රදාවානේ අටදරු මවක් සඳහා උපකාර කිරීමට ඉදිරිපත්ව තිබුණි. ඒ විසිඅට හැවිරිදි ගයානි නිරෝෂිණී මාතාව සහ තිස් වියැති ප‍්‍රියන්ත වීරක්කොඩි නමැති යුවළ සමඟ ඔවුන්ගේ දරු 8 දෙනාය. 

මෙම දරුවන් 8 දෙනා පිරිමි දරුවන් 5ක් සහ ගැහැනු දරුවන් 3කි. වැඩිමල් දරුවා 10 වැනි වියේය. බාලම දුව මාස 7ක වයසේය. වැඩිමල් දරුවන් තිදෙනා පිරිමි දරුවෝ වන අතර රදාවාන මහගම සේකර මහ විදුහලේ හතර, තුන සහ එක ශ්‍රේණිවල ඉගෙනුම ලබති.

4 වැනි දැරිය පෙර පාසල් යන්නීය. ඉතිරි තිදෙනාම කිරි දරුවන්ය. එම මාතාවට වීර සම්මානය ලබාදුන් මර්වින් සිල්වා විසින් තවත් දරුවන් වදන ලෙස එම මාතාවට පවසා ඇති අතර එම ඉල්ලීමෙන් අනතුරුව තවත් ළමුන් දෙදෙනෙක් වැදීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම මාතාව පවසා ඇත. 

එහිදී අමාත්‍ය මර්වින් සිල්වා විසින් සිදුකළ කතාව මෙසේය. 

සිංහල ජාතිය බෝකරන අයට අපෙන් උදව්වක් නැත්නම් බෝවීමක් නැහැ. සිංහල ජාතිය බෝකරන සිංහල පවුල්වලට හැකි ප‍්‍රමාණයකින් අපේ උදව් ලබාදීමේ කාලය දැන් එළැඹී තියෙනවා. අපේ පැරැණි සමාජයේ සිංහල රජවරු, පාලකයෝ, පවුල් සැලසුම් ඇතිකළේ නැහැ. වදන්න පුළුවන් එකී පුළුවන් තරම් වදාපිය හදන්න පුළුවන් එකා පුළුවන් තරම් හදාපිය කියලා තමයි අපේ මුතුන් මිත්තන් කීවේ.

තම ජාතිය ලොව පුරා බලවත් කරන්න උත්සාහ ගන්නා සෑම ජාතියක්ම හැකිතාක් ළමයි හදනවා. අපේ අයට තමයි පාලන නීතිරීති. සිංහල ජාතිය රැකගන්න නම් පුළුවන් තරම් ජාතිය බෝකරපල්ලා. එදා වාරියපොළ සුමංගල හාමුදුරුවෝ කීවා. මාත් ඒ කතාව කියනවා.

පුංචි පවුල රත්තරන් කීවේ කවුද? එහෙම දෙයක් නැහැ. සිංහල ජාතිය වෙනුවෙන් යහපත් දරුවන් හදා වඩා රටට දායාද කිරීම තමයි උතුම් පවුලක වගකීම. අද ගැණු ළමයි වදන්න හොරයි . වදන්නනේ ළමයි දෙන්නයි. මගේ ගෑනිත්  එහෙමයි. ළමයි 8 ඉන්න අම්මට මම වීර මාතා සම්මානයකුත් දීලා ගෙයකුත් හදලා දීලා මාසෙට කිරිපැකට් 30 ක් බැගින් අරගෙන දෙනවා.

මේ අතර ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් පිළිනොපැදීම නිසාවෙන් මෙම පවුලට ඇගෙන් නිසි සැලකිල්ලක් නොලැබෙන බව අමාත්‍යවරයාට දැනගන්න ලැබී තිබු අතර පවුල් සෞඛ්‍ය සේවිකාව සහ අමාත්‍යවරයා අතර ඇතිවූ දෙබස පහත වේ. 

ඇමති - මේ.... මේ.. මීට පස්සෙ පවුල් සැලසුම් කතා තහනම්. ඔබතුමිය මේ පවුලට උදව් කරන්න  ඕනෑ.

ප.සෞ. සේවිකාව - මම කියන්නේ.... 


ඇමැති - බෑ බෑ ඒ කාරණා මට අවශ්‍ය නැහැ.



ප.සෞ. සේවිකාව - සමාවෙන්න සර්. පොඞ්ඩක් මටත් ඇහුම්කන් දෙන්නකෝ.



ඇමැති - හා හා කියන්නකෝ.



ප.සෞ. සේවිකාව- සර්. මෙයාට අවුරුද්දෙන් අවුරුද්දට බබාලා ලැබෙනවා. එතකොට මවගේ ශරීරය දුර්වල වෙනවා. මෙයාට ශරීර දුර්වලකමකුත් තිබුණා.


ඇමැති - එහෙම දුර්වලකමක් මේ අම්ම දැක්කම පෙනෙන්නෙ නැහැ. හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටින බවයි පේන්නේ. අපේ පැරැණි පවුල්වල දරුවෝ 16-17 සිටියා.

ප.සෞ. සේවිකාව - සර්. අපිට උගන්වල තියෙන්නේ සැලසුමක් ඇතුව දරුවන් හදන්න කියාදෙන්න. එහෙම නොකළොත් අම්මලා දුර්වල වී මවු මරණ වැඩිවෙනවා.


ඇමැති - අපේ සිංහලයාගේ පවුල් සැලසුම් ඇති කළොත් ඒක කවදා හෝ කුවේණිගේ සාපය වගේ මේ රටට මහා සාපයක් වෙනවා. අපේ සිංහල ජාතියට සිදුවෙමින් යන දේ ගැන මට ලොකු වේදනාවක් තියෙනවා. මේ ජෝඩුවට පුනරුත්පත්තිය ආවේශ කළොත් සමහර විටෙක අපට දැනගන්න ලැබේවි මේ ජෝඩුව මේ වගේම රට ජාතිය රැකගන්න දරුවන් බිහිකරල ඇති. ඔබතුමිය මේ පවුලට උදවු කරන්න. අපිත් උදවු කරනවා. මේ වගේ තවත් පවුල් ඉන්නවානම් ඒ අයටත් උදවු කරන්න.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos