-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහනුවර ප්‍රදේශයේ ප්‍රකට මැණික්‌ ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් විසිහය කෝටි පනස්‌ ලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ හත්සිය පනහක්‌ වටිනා මැණික්‌ ගල් තොගයක්‌ ඊයේ (28 වැනිදා) පෙරවරුවේ කොල්ලකරුවන් තිදෙනකු විසින් කොල්ලකා සුපිරි මෝටර් රථයකින් පලාගොස්‌ ඇත.

මැණික්‌ ව්‍යාපාරිකයා තම මැණික්‌ තොගය විකිණීම සඳහා ඔහු සතුව ඇති මාවනැල්ලේ පහළ කඩුගන්නාවේ ඇති හෝටලයකට ගෙන ගොස්‌ ඇති අතර, මැණික්‌ මිලදී ගැනීමේ මුවාවෙන් එහි පැමිණ ඇති අයකු හා අරාබි ජාතිකයකු ලෙස පෙනී සිටි තවත් අයකු ද එහි පැමිණ තිබේ.

ව්‍යාපාරිකයා මැණික්‌ තොගය විකිණීමට පෙන්වා පරීක්‌ෂා කිරීමේ යෙදී සිටියදී එක්‌වරම මැණික්‌ තොගය උදුරාගෙන ඔවුන් මෝටර් රථයක නැගී පලාගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මැණික්‌ මිලදී ගැනීමේ මුවාවෙන් කොල්ලකරුවන් පැමිණි මෝටර් රථයේ තිබූ අංකය යතුරුපැදියක එකක්‌ බවට හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සවස එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කියයි.

කෑගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්‌ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 3 ක්‌ පලාගිය අනෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos