-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පරිගණක තාක්ෂණික ලෝකයේ යෝධයෙක් වෙන Intel සමාගමේ නවතම නිෂ්පාදනය වෙන්නේ SD Card එකක් තරම් කුඩා පරිගනකයක්. පැළඳිය හැකි අධි තාක්ෂණික උපකරණ නිපදවීමේ විශාල තරඟයක් අද වන විට ලෝකයේ පවතිනවා . මෙම කුඩා පරිගනකය නිර්මාණය කිරීමත් සමග ඉන්ටෙල් සමාගමද එම තරඟයට අවතීරණය වී තිබෙනවා. 

මෙය හඳුන්වනු ලබන්නේ (Intel Edison) යනුවෙන්. ඒවගේම මෙය සමාන කරන්න පුළුවන් රාස්බෙරි පයි කියන පරිගනකයට. මෙහි තිබෙන Processor එක ගැන කතා කරනවානම් එය dual core වර්ගයට ඇතුලත් වෙන 400MHz intel Quark Processor එකක්. වඩාත් වටිනාම දෙය තමයි WiFi සහ Bluetooth සම්බන්ධතාවයද මෙහි අන්තර්ගත කර තිබීම. ඒවගේම Input සහ Output Devices ද මෙයට සම්බන්ධ කරන්න පුළුවන්. මෙහි මව්පුවරුව නිර්මාණය කර තිබෙන්නේ පරිගණක සඳහාම පමණක් භාවිතා කිරීමට නොවෙයි දුරකථන, ටැබ්ලට් සහ කෝපි හදන යන්ත්‍ර සඳහාත් භාවිත කරන්න පුළුවන් විදියට මෙය නිර්මාණය කර තිබෙනවා.

දුරකථන සහ ටැබ්ලට් වලට apps install කරනවා වගේම මෙම පරිගනකයටද apps ස්ථාපිත කරගන්න පුලුවන්.



500mb RAM මතකයක් තිබෙන මෙම SD Card එකක් තරම් කුඩා පරිගනකයේ ක්‍රියාත්මක වෙන්නේ Linux මෙහෙයුම් පද්දතියයි. 2014 මැද වෙන විට මෙය වෙළඳ පොලට නිකුත් කිරීමට ඉන්ටෙල් සමාගම තීරණය කරගෙන සිටින අතර මෙහි අත්දැකීම ඉන් පසුව සියලුම ලෝක වාසී ජනතාවට ලබාගන්නට පුළුවන් බව ඔවුන් විශ්වාස කරනවා.

Source: apps-lanka

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos