ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුමින්ද සිල්වාගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පූගොඩ ප‍්‍රදේශයේ පැවති රැස්වීමකදීය.
ඔහු එහිදී මෙසේද කීය.
‘ප‍්‍රභාකරන් දරුණු ත‍්‍රස්තවාදියෙක් වුණත් අපේ දරුවන් ඉලක්ක කර පලිගත්තේ නෑ. යුධ පිටියේදී සටන් කලා. එකිනෙකාගේ පවුල්වලින් පලිගත්තේ නෑ. නමුත් වත්මන් පාලකයා අපේ දරුවන්ගෙන් පවා පලිගන්නවා. ඒ නිසයි අපි කිවුවෙ ඔවුන් ප‍්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් වටින්නෙ නෑ කියල. ප‍්‍රභාකරන් පමණක් නෙමෙයි මර්වින් සිල්වාගේ හෝ දුමින්ද සිල්වාගේ මයිලත් තරම්වත් වටින්නේ නෑ’