-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රටේ ඉමහත් ආන්දොaලනයට තුඩු දුන් රතුපස්‌වල රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාව එම ස්‌ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර එහි අවසන් අදියරේ කටයුතු සිදුවනු ඊයේ (14 වනදා) දක්‌නට ලැබිණි.
මෙම කම්හල බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ යළි ස්‌ථාපිත කිරීමට නියමිතය.

අඩි විස්‌සක්‌ පමණ උසින් හා අඩි විසි පහක්‌ හා අඩි තිහක්‌ පමණ දිගින් යුත් මෙම ටැංකි හත විශාල ප්‍රමාණයේ කන්ටේනර් හතක පටවා රැගෙන යන අයුරු අති විශාල ජනතාවක්‌ මග දෙපස සිට නරඹන්නට වූහ. මෙම එක ටැංකියක්‌ තුළ රබර් කිරි ලීටර් අසූපන්දාහක්‌ පමණ දැමිය හැකි බව වාර්තා වේ.

ඊයේ (14 දා) උදැසන නමයට පමණ කර්මාන්ත ශාලාවෙන් පිටවූ මෙම ටැංකි රැගත් කන්ටේනර් වැලිsවේරිය නගර මධ්‍යයට පිවිසෙන විට දහවල් එකහමාරට පමණ විය. එම දුර කිලෝ මීටර් තුනහමාරක්‌ පමණ වූ අතර එම දුර යැමට පැය පහකට පමණ ආසන්න කාලයක්‌ ගත විය. මාර්ගය හරහා වැටී ඇති විදුලි රැහැන් සහ දුරකථන රැහැන්වල ගැටීම වළකාලීම සඳහා මෙම රථ ඉතා සෙමින් ගමන් කළ අතර එම රැහැන් එසවීම සඳහා විදුලිබල මණ්‌ඩලයේ හා ටෙලිකොම් ආයතනයේ සේවකයන් ඉතා දුෂ්කර සේවයක නිරතවන අයුරු දක්‌නට ලැබිණි.

මේ අවස්‌ථාවේ වැලිවේරිය හරහා දිවෙන නව නුවර මාර්ගය දැඩි වාහන තදබදයක්‌ ඇතිව තිබූ අතර වැලිවේරිය පොලිසියේ නිලධාරීහු රථවාහන පාලනයේ යෙදී සිටියහ. ප්‍රදේශයේ විදුලි සැපයුමද අත්හිටුවා තිබිණි. මේ ටැංකි ගලවාගෙන යනු දුටු මග දෙපස රැස්‌ව සිටි පිරිස්‌ රතිඤaCදා පත්තු කරමින් සතුට පළ කරන අයුරු දක්‌නට ලැබිණි.

මේ අතර එම කර්මාන්ත ශාලාව වෙනුවෙන් ඩිප්ස්‌a ප්‍රඩක්‌ට්‌ස්‌ සමාගමේ කළමනාකර අධ්‍යක්‌ෂ මහේෂ් රණසෝම මහතා පවසන්නේ අවට ප්‍රදේශවාසීන් විසින් සිදුවී ඇතැයි කියන භූගත ජල ප්‍රශ්නයට තම කර්මාන්ත ශාලාවෙන් කිසිදු බලපෑමක්‌ එල්ල වී නොමැති බවයි. මේ ගැන රජයේ රස පරීක්‍ෂක, ජල සම්පාදන මණ්‌ඩලය හා මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරීක්‍ෂණ පැවැත්වූ බවද එම වාර්තා උසාවියේ පවතින බවද, ප්‍රදේශවාසීන් විසින් ගොනු කරන ලද ජලයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවට තම කර්මාන්ත ශාලාව සම්බන්ධ යයි එම කිසිදු වාර්තාවක සඳහන් නොවන බවද රණසෝම මහතා තවදුරටත් පවසයි.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos