-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


විප්ලවවාදීන්ට විශ්‍රාම යෑමට කිසිවිටෙක හැකියාවක් නොමැති බැවින් විප්ලවවාදියකු හැටියට තමා ඉදිරියේදීත් මැරෙන තුරු හෝ මරා දමන තෙක් ඕනෑම තැනක වැඩකිරීමට සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පැවැසීය. ජනතා විමුක්ති පෙරමුණට බැඳුණු කිසිදු සාමාජිකයෙක් නායකත්වය ඉල්ලා නොපැමිණි බව හෙතෙම සඳහන් කෙළේය.

නිවැරැදි දිශාව බලා දේශපාලන ප්‍රතිපත්ති, මූලධර්ම හා පක්ෂයේ විනය ආරක්ෂා කරමින් ලංකාව වෙනස් කොට රටේ නවීන සමාජවාදයක් ගොඩනැඟීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

සෝමවංශ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ 7 වැනි ජාතික මහ සමුළුවට සහභාගි වෙමින් පැමිණ සිටි දහස් ගණනකින් යුතු තම පාක්ෂිකයන් අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.
වගකිවයුතු පක්ෂයක වගකිවයුතු සමුළුවක් පැවැත්වෙද්දී මාධ්‍ය මට පසුගිය දවස්ටිකේ ඉන්න දුන්නේ නැහැ. මේ සමාජය ජරාජීර්ණ වෙලා සමාජය කුණුවෙලා තියෙද්දී මාධ්‍ය විතරක් කුණු නොවී තිබෙන්නේ කොහොමද. කුණුවෙලා නැත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.
මේ ඔළුවෙන් හිටවලා තිබෙන සමාජය හරියට හිටවලා කකුල් දෙකෙන් යවන්න කටයුතු කරද්දී විප්ලවවාදීන් විශ්‍රාම යවන්න උත්සාහ ගන්න එපා. විප්ලවය වෙනුවෙන් අපි ඉදිරියටත් ඉන්නවා. මරලා දාන්න හිටියත් අපි ඕනෑම තැනක වැඩකරනවා.

මේ පක්ෂයට ඇතුළු වූ හැම කෙනෙක්ම නායකත්වය ඉල්ලගෙන ආවේ නැහැ. මට යුතුකම් ඉටුකරන්න අවස්ථාවක් දෙන්න කියලා තමයි කිව්වේ. මේකේ නායකකම් දරන්න කවුරුත් ඉල්ලගෙන ආවේ නැහැ.
අපි රටේ සිදුවන සියලුම දේවල් තේරුම් අරගෙන අවදියෙන් ඉන්නේ. නිදාගෙන සිටින අයත් අපි අවදි කරන්න අපි කලින්ම අවදිවෙලා සිටින පක්ෂයක්. රෝහණ විජේවීර මේ පක්ෂය හැදුවේ නිදාගෙන ඉන්න අය අවදිකරන්න.

යන්නේ නෑ කියන කට්ටිය යවන්න අපි අලුත් වැඩක් කරලා තිබෙන්නේ. අපි අලුත් වන පක්ෂයක්. නිවැරැදි දිශාව බලලා අපි අලුත් වෙනවා. අද හත්වැනි ජාතික සමුළුව දක්වා පැමිණ තිබීම විශාල ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා.
ලංකාව වෙනස් කරන ව්‍යාපාරයේ
පළමුවැනියා රෝහණ විජේවීර සහෝදරයා. ඔහුට පුළුවන් වුණා ඒක කරන්න. ඔහු තමයි විප්ලවවාදියා. ජනතා විමුක්ති පෙරමුණක් මේ රටේ නොතිබුණානම් මහින්ද රාජපක්ෂලා අද මේ රටේ හිටි පිනුම් ගහනවා.

ජනතාවගේ කිසිදු අවශ්‍යතාවකට විසඳුමක් දෙන්න බැරි මේ ක්‍රමය ජරාජීර්ණ වූ මේ සමාජ ක්‍රමය ඉවත්කරලා දැමිය යුතුයි. අපගේ මූලධර්ම, අපගේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැතිව වෙනස් විය යුතුයි. පක්ෂය ඉදිරියට යන්නනම් වෙනස් වීම් අවශ්‍යයි. අලුත්
වැඩපිළිවෙළක් අවශ්‍යයි.

විශාල බලවේගයක් නිර්මාණය කරලා මේ සියල්ල වෙනස් කරන්න පුළුවන්. එදාට මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ සභාගය යන්න ඕන. එක්සත් ජනතා නිදහස් සන්ධානය සභාගයත්. එක්සත් ජාතික පක්ෂයේ 67 දෙනෙක් සන්ධානයට ගිහිල්ලා ඉන්නවා.
මහින්ද රාජපක්ෂගේ පණ නැති අත්දෙක ශක්තිමත් කරන්න ගිහිල්ලා. නිල නොවන සභාගයක් මේක. මේකට සභාගයක් කියලා කියන්නේ තනියම බැරි නිසා.
එක්සත් ජාතික පක්ෂයත් අද වැඩක් නැහැ. 2/3ක ශක්තිමත් කරන්න පැනලා දීලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ලස්සනට ක්‍රියාත්මක කරගෙන යනවා.

විශාල අය-වැය හිඟයක් ඇති කරලා තිබෙනවා. දෑත් ශක්තිමත් කරලා. ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිකරලා තිබෙනවා. දෑත් ශක්තිමත් කරලා සමාජ අර්බුද, දේශපාලන අර්බුදය, සංස්කෘතික අර්බුදය මේ සියල්ලක්ම අර්බුද බවට පත්වෙලා තිබෙන්නේ.

අද මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය බංකොලොත්වෙලා. එහෙම තිබෙද්දී කොහොමද අභ්‍යන්තර ප්‍රතිපත්තියක් තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා කියලා ඡන්ද පවත්වනවා. එහෙනම් මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා පාරට බහින්න නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන්න කියලා. හඬ නඟන්න අපිට නැති කරපු දේවල් තියෙනවා. අපි ඒවා ඇති කරගත යුතුයි. ඒකට අපි පාරට බහින්න ඕන. බැහැලා සටන් කරන්න ඕන.
මේ ආණ්ඩුවට අන්තර්ජාතික ප්‍රශ්න බලපෑම් අතවනලා ගෙන්න ගෙන තිබෙන ආණ්ඩුවක්. රටේ ජනතාව ඉදිරියේ බොරු අධිරාජ්‍ය විරෝධීභාවයක් පෙන්වනවා.
මේ රට අන්තර්ජාතික මානව හිමිකම් ගිවිසුමකට අස්සන් කරලා තිබෙන්නේ. එහෙනම් මානව අයිතිය ආරක්ෂා කළ යුතුයි. අද සෑම රජයේ ආයතනයක්ම මේ රාජපක්ෂ පාලනයට යටවෙලා. කවුරු යටවුණත් ජනතා විමුක්ති පෙරමුණ යටවෙලා නැහැ.

ඒ නිසා අද ජනතාව අවදි කරන
පළමු බලවේගය වෙලා තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ. ජනතාවට ලයින්එක තෝරා දෙන්නේ අපි. හෙට ඉඳලා අපි අලුත් නායකත්වයක් යටතේ ජනතාවට අලුත් ලයින් එකක් තෝරා දෙනවා.
ආණ්ඩුව හදලා තිබෙනවා කේන්ද්‍ර පහක්. වාණිජ කේන්ද්‍රය, දැනුමේ කේන්ද්‍රය, ගුවන් කේන්ද්‍රය, නෞකා කේන්ද්‍රය, සංචාරක කේන්ද්‍රය කියලා. ජේම්ස් පැකර් ඇවිල්ලා කිව්වා අනේ මේකත් ඔය අස්සට ඔබපල්ලා කියලා. දැන් කැසිනෝත් එක්ක ගැති කේන්ද්‍රයක් ඇවිල්ලා.

මේ රටේ කුඩු නැතිකරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මහින්ද
රාජපක්ෂව ගෙදර යවන්න ඒක කළාම පමණක් ඇති. දැන් මේක කුඩු, සුරා සූදු, ගණිකා, කළු සල්ලි කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා. මේක දැන් ජාතික හා අන්තර්ජාතික පාදඩ තිප්පොළක් බවට පත්වෙලා.

අද රටේ නීතිය, නීතියේ ආධිපත්‍යය සමතලා කරලා. මේක මැරයන්ට, පාදඩකාරයන්ට ගිය රටක්. මේක වෙනස් කිරීම විප්ලවකාරයන්ගේ රාජකාරියක්. රට හැදීමේ වගකීම අපි කාටත් පැවැරෙනවා. අලුත් උපක්‍රම හරහා අලුත් ක්‍රමවේද හරහා ප්‍රතිපත්ති රැකගෙන අපි රට ඉදිරියට ගෙන යා යුතුයි.

අද රටේ දූෂිත නොවූ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. මේ පක්ෂයේ සියලුම පාක්ෂිකයන්ට බය නැතිව ආඩම්බරයෙන් කියන්න පුළුවන් මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්, සාමාජිකාවක් කියලා. එම නිසා ඔබ සියලු දෙනාටම
පක්ෂය ආරක්ෂා කරගැනීමේ වගකීම පැවැරෙනවා. ඒ ගැන අපිට විශ්වාසයි. මේ රටට ජනතාවට ආදරය කරන උසස්ම තලයේ මිනිසුන් තමයි අපේ පක්ෂයේ ඉන්නේ. ඒ නිසයි ඔවුන්ට විප්ලවාදීන් කියන්නේ.
නවීන සමාජවාදය ගොඩනඟන්න, එය රටේ ස්ථාපිත කරන්න අපි අත්වැල් බැඳගෙන ඉදිරියේදී එකට ගමන් කරමු.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos