-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

"ඇමතිතුමනි අරක කරලා දෙන්න" කියලා කිව්වම හැම ඇමතිකෙනෙක්ම මට කරලා දෙනවා

අනර්කලී ආකර්ෂා, නදීෂා හේමමාලි හා ගීතා කුමාරසිංහ මේ දවස් වල පුවත්පත් සාකච්ජා පවත්වමින් ඔවුන් දකුණු පලාත් සභාවට තරඟ වදින බව පවසමින් සිටී.

ගීතා කුමාරසිංහ තරඟවදින්නේ මහ ඇමති ධූරය සඳහාය. එබැවින් ඇය අනෙක් සාමාජිකයන් සමඟ දැනටමත් ගැටුම් ඇතිකරගන තිබේ.

කෙසේ වුවද ඇය විසින් ජනතාවට බොහෝ දෑ කර ඇති නිසා ඇයට උත්සව ආරාධනාද බොහෝ බව පවසයි. තම සේවයන් ගැන ඇය පවසන්නේ නයිට් ඩ්‍රස් එක පිටින් ඇවිත් පවා උදව් කර ඇති බවකි.

ඔබ දේශපාලනයට ආව දවසෙ ඉඳන් අපි දැක්කේ දේශපාලඥයන් හා ගැටෙනෙ එකමයි. ඇයි මෙහෙම රන්ඩු වෙන්නේ?
පාර්ලිමේන්තුවෙත් ඔය ඕනේ තරම් ගැටුම් ඇතිවෙන්නේ. දේශපාලනය කරනකොට ගැටුම් ඇතිවෙනවා.

ඇයි මේ හැම දෙනා එක්කම ගැටුම් ඇතිවෙන්නේ?
අවුරුදු 20ක් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් නැති ආසනයක් මේක. එතකොට සභාපහි හිතනවා මම තමයි ලොක්කා කියලා. ඒ ආධිපත්‍යය බිඳුණා මම ආවට පස්සේ. ඒකට හේතුව මගේ ජනප්‍රියතාවය.

දුප්පත් මිනිස්සුන්ට හැකි තරම් මගේ ධනය වියදම් කරනවා. දුප්පත් මළ ගෙදරකට ගිහිල්ලා ගේ ඇතුලට ගිහින් කහට කෝප්පයක් බීලා කාටවත් පේන්නේ නැතිවෙන්න අර මිනිස්සුන්ගේ අතේ රුපියල් හාරදාහක් තියලා එනවා.

වයසක මනුස්සයෙක් ආවොත් පර්ස් එකේ තියන අන්තිම සතේ හරි දෙනවා. එතකොට ඩ්‍රයිවර් කියනවා "නෝනා රුපියල් පන්සීයක් තියාගන්න නැත්නම් අධිවේගයේ යන්න බැරි වෙයි" කියලා.

මම වැඩ කරද්දී අර අයගේ ආධිපත්‍යය බිඳුණා. යාගන්න බැරි තරම් උත්සව වලට මිනිස්සු මට කතා කරනවා. සිනමා නිළියක් විදිහට මේ තරම් ජනප්‍රිය වුන කෙනෙකුගේ මූණ බලාගන්න මිනිස්සු කැමති නැද්ද?

මම පෙට්‍රල් කඳුලක්වත් අරගන නෑ, මම ඉල්ලන්නේ ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් "අපේ ඇමතිතුමනි මේක කරලා දෙන්න, අපේ ඇමතිතුමනි අරක කරලා දෙන්න" කියලා කිව්වම හැම ඇමතිකෙනෙක්ම මට කරලා දෙනවා.

මෙවර පලාත් සභා මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවද?
මම ගාල්ල දිස්ත්‍රික්කය පුරා ගිහින් තියනවා. මාව හොයාගන මිනිස්ස්සු සමහරදාට කොළඹ එනවා බද්දේගමින්. එක දවසක් කට්ටියක් එනකොට පාන්දර හතරහාමාරයි. මම නයිට් ගවුම උඩින් හවුස්කෝට් එක දාගන ඇවිත් ඔෆිස් එකේ වාඩි වෙලා ඒ අයගේ වැඩ ටික කරලා දෙනවා.

ඔබ රැකියා කීයක් දීලා තියනවද?
මේ 24 වෙනිදා (අද) බෙන්තර ගාමිණී විද්යාලයේ මගේ රැකියා වෙලඳපොලක් තියනවා. ඒකට ලංකාවේ ඉන්න අංක එක ව්‍යාපාරිකයන් සීයක් සහභාගී වෙනවා. ඒ හැම එක්කෙනාටම මම කියලා තියෙන්නේ රැකියා පහ බැගින් දෙන්න කියලා. එහෙම බැලුවම මම දවසකට රස්සා පන්සීයක් දීලා තියනවා. ඒවා මගේ පෞද්ගලික දැන හැඳුනුම් මත කරන දෙයක්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos