සිය පෙම්වතා මුණ ගැසීම සඳහා ගාල්ල, කරාපිටිය ප්‍රදේශයට සඳුදා (23) සවස පැමිණි තරුණියක් තරුණයන් දෙදෙනෙකු විසින් පැහැර ගෙන ගොස් බරපතල ලෙස අපයෝජනයට ලක් කර තිබේ. අතවරයට ලක් වූ තරුණිය මේ වනවිට ගාල්ල,කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. මාතර, පිටබැද්ද පදිංචි 22 හැවිරිදි මෙම තරුණිය බලහත්කාරයෙන් මෝටර් සයිකලයකට දමාගත් සැකකරුවන් දෙදෙනා කරාපිටිය ප්‍රදේශයේ වන ලැහැබක් තුළ පිහිටි අතහැර දමන ලද ප්‍රජා ශාලාවකට තරුණිය රැගෙන ගොස් අතවරය සිදුකර තිබේ. එක් සැකකරුවෙක් සහ මෝටර් සයිකලය අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media