-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමන් දකුණු පළාකේ මහ ඇමති වන්නේ යයි දැනටමත් ප‍්‍රකාශ කර ඇති ගීතා කුමාරසිංහ මහත්මිය කතා කරන්නේ අමු තිත්ත කුණුහරුපයෙන් යයි එම පළාත් සභාවේ එජාප මන්තී‍්‍ර  බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

අක්මීමන තලගහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

‘මම හිතුවේ මේ පාර ඡන්දයට ගීතා ඇන්ටි හා අනර්කලී නංගි කෙහෙවලූ පටලවා ගනීවි කියලා. නමුත් ගීතා ඇන්ටි දැනටමත් යුද්ධ ප‍්‍රකාශ කරලා.අමුතිත්ත භාෂාවෙන් තමයි කතා කරන්නේ. දකුණේ මහ ඇමතිතුමිය වෙන්න ඉන්න අධ්‍යාපන ඇමති වෙන්න සෞඛ්‍ය ඇමති වෙන්න සිහින දකින කෙනා තමයි මේ විදිහට කතා කරන්නේ.

ගීතා එළවන්න අජිත් ප‍්‍රසන්න මන්තී‍්‍රතුමාලා බොරු උපවාසයක් ආරම්භ කළා. නමුත් බුදු හාමුදුරුවෝ විශාලා මහනුවර වැඩිය වගේ අපේ සමිත හාමුදුරුවෝ ඇල්පිටියට වැඩිය ගමන් අජිත් ප‍්‍රසන්න මන්ත‍්‍රීතුමාලා උපවාසය අත්හැරියා.මේවට කියන්නේ බොරු උපවාස කියලා මාධ්‍ය සංදර්ශනයක් තමයි මේ අය කළේ.

සභාව විසුරුවා හරින්නත් කලින් සන්ධානයේ අය ඇන කොටා ගන්නවා. ඇල්පිටියේ පැත්තේ යන්න බැහැ ගල්මුල් විසි වෙනවා. අපට පාරේ බැහැලා යන්න බැහැ. පළාත් සභා මැතිවරණයට ඉල්ලන අපේක්ෂකයෙකු වශයෙන් ආරක්ෂාවට බොඩි ආමර් එකක් හා හෙල්මටයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos