-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉදිරියේදී විසුරුවා හැරීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා එක්සත් ජාතික පක්‍ෂයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරඟ වදිනු ඇතැයි වාර්තා වෙයි. මේ වන විට ඒ සම්බන්ධයෙන් වන සාකච්චා පැවැත්වෙමින් ඇත්තේ යයිද ආරංචි මාර්ග කියයි.

2014 වසරේ මාර්තු මාසයේදී දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම මැතිවරණය සඳහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලින් නලූ නිළියන් සහ ගායක ගායිකාවන් ඉදිරිපත් කිරීමේ ප‍්‍රවණතාවය මෙවර ඉහල ගොස් ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවට නිල්මිණී තෙන්නකෝන් සහ ගයේෂා පෙරේරා යන කලාකාරිනියන් මෙන්ම, ගායක මධුමාධව අරවින්ද ද ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ගීතා කුමාරසිංහ, අනර්කලී ආකර්ෂා දකුණු පළාත් සභාවට ඉදිරිපත් වීමට සුදානමින් සිටී.

එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාව සඳහා නදීෂා හේමමාලි ඉදිරිපත් සහ බස්නාහිර පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගායක අමල් පෙරේරා සමඟ චිත‍්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායකගේ පුත‍්‍ උදාර රත්නායක  තරඟ වදිනු ඇතැයිද පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos