-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ මහා නගර සභාවේ රුපියල් කෝටි266කට ආසන්න  ගනුදෙනු සම්බන්ධයෙන්  රජයේ විගණකාධිපතිවරයා කළ විමසුම්වලට කොළඹ මහ නගර සභාව මෙතෙක්  පිළිතුරු දී නොමැති බැව් අනාවරණය වේ.

රුපියල් ලක්ෂ ඉක්මවූ වරිපනම් දේපළ672ක් සඳහා රුපියල් කෝටි 146කට සමීප මුදලක් ද රුපියල් ලක්ෂ 10ට වැඩි වරිපනම් දේපළ 289ක් සඳහා රුපියල් කෝටි 118කට සමීප මුදලක්ද හිඟ ව  ඇතත් එම මුදල් අයකර ගැනීමට නගර සභාව අපොහොසත් වී ඇතිබවද මේ සම්බන්දව විගණකාධිපතිවරයා නිකුත් කර ඇති  වාර්තාවේ සඳහන්ය.


දිගු කලක් තිස්සේ වරිපනම් හිඟ හිටුවා ඇති දේපළ නගර සභා ආඥාපනත අනුව ඒවා වෙන්දේසි කර ‍සන්තකය සභාව වෙත පවරා ගැනීම සිදුවෙයි. ඒ අනුව කොළඹ මහනගර සභාව එබඳු දේපළ 116ක් 2006 – 2007 වර්ෂවලදී වෙන්දේසි කර තිබිණි. 
එහෙත් එම දේපළවල නීත්‍යානුකූල අයිතිය සභාව වෙත පවරා ගැනීම අතපසු වෙමින් පවතී. එහි ප්‍රතිඵලය ලෙස එම දේපළ හිමියන් තවමත් නිදැල්ලේ බුක්ති විඳින බවද ඔහු පෙන්වා දෙයි. මෙම දේපළවලින් 2002 වර්ෂයේ සිට හිඟ තිබූ වරිපනම් බදු මුදල රුපියල් 5,44,02,525කි.

විගණකාධිපතිවරයා පෙන්වා දෙන පරිදි කොළඹ මහනගර සභාව වරිපනම් බදු හා අනෙකුත් ආදායම් අයකර ගැනීම අතපසු කිරීම නිසා නගර සභාවට මේ වනවිට අහිමිවී ඇති මුදල රුපියල් 268,25,25,723කි.


නගර සභා ආඥාපනතේ 254 අ(1) හා (2) වගන්ති සහ 256 වෙනි වගන්තිය අනුව මෙසේ වරිපනම් බදු හා වරෙන්තු ගාස්තු නොගෙවන අයගේ අදාළ දේපළ වෙන්දේසියේ විකුණා මුදල් අයකර ගත යුතුව ඇතත්වගකිවයුතු නිලධාරින් 2005වර්ෂයෙන් පසු එම පියවර ගෙන නොතිබූ බවද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos