-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකාව ලෝකයේ ආයෝජනය කිරීමට ඉතා සුදුසු රාජ්‍යයක්‌ බවට පත්ව ඇතැයි ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රවුන් සමාගමේ සභාපති කැසිනෝ රජා ලෙස ප්‍රකට ඡේම්ස්‌ පැකර් පැවසීය. 

ආයෝජකයන්ට පහසුකම් සලසන ඉතා හොඳ රජයක්‌ ශ්‍රී ලංකාවේ තිබෙනවා. 

පසුගිය තිස්‌ අවුරුදු යුද්ධයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ වේගවත් ප්‍රගතියක්‌ ඇති වී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක්‌ ඇති කිරීමටත්, ශ්‍රී ලංකාවේ හොඳ වාතාවරණයක්‌ පවතින නිසා මා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තීරණය කළා යෑයි ඡේම්ස්‌ පැකර් මහතා ඊයේ (13 දා) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල ව්‍යාපාරික සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

මේ අවස්‌ථාවට විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌, වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති µයිසර් මුස්‌තාපා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් ජයවීර යන මහත්වරුන් ද සහභාගි වී සිටි අතර දෙස්‌ විදෙස්‌ ව්‍යාපාරිකයෝ රැසක්‌ ද එම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

ලබන වසර පහ තුළ ඉන්දියාවේ සහ චීනයේ මධ්‍යම පාන්තිකයන්ගේ විශාල වර්ධනයක්‌ සිදුවෙනවා. එසේම එම රටවලින් විදේශ රටවලට සංචාරය කරන පිරිසත් විශාල වශයෙන් වර්ධනය වෙනවා. මේ සංචාරක වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක්‌ පවතිනවා. එසේම ඉන්දියාවේ සහ චීනයේ වර්ධනය වෙමින් තිබෙන මධ්‍යම පාන්තිකයන් සුපිරි හෝටල් කරා ගමන් ගන්නවා. ඉතා ඉහළ ගුණාත්මක විනෝදාත්මක පහසුකම් භුක්‌ති විඳීමට ඔවුන් යොමු වෙමින් සිටිනවා. ඒ නිසා එම සංචාරක වෙළෙඳපොළ ඉලක්‌ක කර ගෙන ශ්‍රී ලංකාවේ ආයෝජනයට යොමු වූ බව ද ඡේම්ස්‌ පැකර් මහතා මෙහිදී අවධාරණය කළේය.

21 වැනි සියවසේ හොඳම ව්‍යාපාරික ගමනාන්තයන් අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද රජය විශේෂ අවධානයක්‌ යොමු කර තිබෙනවා. යුද්ධය නිමවීමෙන් පසු කැපී පෙනෙන ආර්ථික ප්‍රගතියක්‌ අත්කර ගෙන සිටින ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්‌ බවට පත්ව ඇති බව ද

ඡේම්ස්‌ පැකර් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අවස්‌ථාව සලසා දීම ගැන තමා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයට ස්‌තූතිවන්ත වන බව ද ඡේම්ස්‌ පැකර් මහතා කීවේය.

ඡේම්ස්‌ පැකර්ගේ දෙසුමට දෙස්‌ විදෙස්‌ ආයෝජකයන්ගේ ඉහළ ප්‍රතිචාරයක්‌ ලැබිණි. ඔහුගේ දෙසුමෙන් පසු ඇසූ ප්‍රශ්නවලට ද පැකර් මහතා පිළිතුරු දුන්නේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos