බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම මහනුවර පුරවරයට පැමිණ යන එන ස්ථාන පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා බි‍්‍රතාන්‍යයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර නගරයට පැමිණ ඇත.
මෙම පොලිස් කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මල්වතු අස්ගිරි විහාරස්ථාන දෙක , හැරිසන් සුසාන භූමිය, පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය යන ස්ථානවලට ද ගොස් විශේෂ නිරීක්ෂණයක යෙදී ඇත.
චාල්ස් කුමරු මහනුවර පුරවරයට පැමිණෙන අවස්ථාවන්හිදී බි‍්‍රතාන්‍ය විශේෂ පොලිස් කණ්ඩායම් හා ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් විසින් දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මකය.