කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකාවෙන් ලබාගත් ඔක්‌ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සාම්පල් ප්‍රමිතියෙන් තොර යෑයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ රසායනාගාර පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මෙම ඉන්ධන නෞකාව පසුගිය 11 වැනිදා කොළඹ වරායට පැමිණ ඇති අතර ඔක්‌ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් විසිදහසකම ප්‍රමිතිය නිසි පරිදි නැතැයි තහවුරු වී ඇත.
මෙම නෞකාවේ සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 5000 ක් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 15,000 ක් අඩංගු යෑයි ද සංස්‌ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.
සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව පසුගිය 08 වැනිදා රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා ඇත්තේ බොරතෙල් මිලදී ගැනීම ප්‍රමාද වීම නිසා යෑයිද පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ කොළඹ වරාය ආසන්නයට ළඟා වූ තවත් බොරතෙල් නැවක් බෝයාවට ළඟා නොවී මුහුදේ නැංගුරම් ලා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව දින දෙක තුනකින් යළි ආරම්භ කරන බව කීවද එය ආරම්භ කර දින දාහතක් යන තුරු පිරිපහදුවේ නිෂ්පාදන නිසි පරිදි සිදු නොවන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අවධාරණය කර සිටී.