-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස සියළු කටයුතු සම්පාදනය කරමින් උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සිදුවෙමින් පවතී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ වසර 24 ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් විවිධ එළි දැක්වීම් මේ වන විටත් සිදුකර ඇති අතර ඉදිරියටත් සිදුකෙරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව උදෙසා තේමා ගීත, සමරු කලාප, පොත් පත්‍රිකා මුද්‍රණය ආදී කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුරදී ඒ වෙනුවෙන් නිර්මාණය වුනු නවතම ආකාරයේ එළි දැක්වීමක් ගැන ඔබට කියන්නයි මේ සූදානම…
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා වන මෘදුකාංගයක් (app) ලෙසින් මේ නව නිර්මාණය හඳුන්වා දිය හැකියි. විශේෂත්වය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු ඉතිහාසය තුළ මෙවැනි දුරකථන මෘදුකාංගයක් එළි දැක්වෙන්නේ පළමු වතාවට වීමයි. අනෙක් කාරණය වන්නේ මේ මෘදුකාංගය ශ්‍රී ලාංකික අපට උපරිම ප්‍රයෝජන නෙළා ගත හැකි අයුරින් සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිර්මාණය කර තිබීමයි. CHOGM 2013 Sri Lanka ලෙසින් නම් කර ඇති මේ වටිනා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගන්නට පුළුවන්.
මෙම app එකෙහි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ගැන සියළු විස්තර අඩංගු කර තිබේ. CHOGM 2013 හි කාල සටහන, ඉතිහාසය පමණක් නොව සාමාජික රටවල විස්තර, සිතියම් හා ජාතික ගීය පවා මෙමගින් ලබාගන්නට පුළුවන්. මෙම app එක සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමවා ඇති අතර සිංහල අන්තර්ගතය නැරඹීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවීම ලාංකීය දුරකථන පරිශීලකයන්ට විශේෂ සහනයක් බව කිව යුතුයි. Android 2.2 සිට ඉහළට ඇති ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක මෙය ඉතා හොඳින් ධාවනය වනවා.
විශේෂාංග -
  • සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමවා ඇත.
  • දුරකථනයේ සිංහල සහාය තිබීම හෝ නොතිබීම අදාළ නොවේ.
  • ඇන්ඩ්‍රොයිඩ් 2.2 සංස්කරණයේ සිට ඉහලට ඇති ඕනෑම දුරකථනයක ධාවනය වේ.
  • පොදු රාජ්‍ය මණ්ඩලයේ නිළ ගීතය, සමුළු කාල සටහන, පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ ඉතිහාසය ගැන විස්තර අඩංගු වේ.
  • පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන් 52 ගැනම සම්පූර්ණ විස්තර අඩංගුය. ජාතික ධජය, ජාතික ගීතය, සිතියම් සමග අදාළ රටෙහි තොරතුරු ඇතුලත් කර තිබේ.
  • සිංහල අන්තර්ගතය නැරඹීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය නොවේ.
නොවැම්බර් මස 10-17 දක්වා කොළඹදී පැවැත්වෙන 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් අප ‘දුරකථන’ සඟරාව විසින් නිකුත් කරන ලද මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය දැන් ඔබේ දුරකථනයටත් ලබාගත හැකියි. ඒ සඳහා මෙතැනින් Google play වෙබ් සේවාවට පිවිසෙන්නට පුළුවන්. නැතිනම් CHOGM 2013 Sri Lanka යනුවෙන් ඇතුළත් කර මෙය සොයා ගන්නට ඔබටත් පුළුවන්. ඔබට පහසුවෙන්ම මෙම මෘදුකාංගය ස්ථාපනය කරගත හැකි QR කේතයක්ද අපි මෙහි ඇතුළත් කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අප රටට ලැබුනු වටිනා අවස්ථාවක්. ඒ ගැන නොදන්නා අයට ඒ පිළිබඳව තොරතුරු ලබාදීමටත්, සමුළුවේ නවතම පුවත් හා නිවේදන දුරකථනය මගින්ම දැනගන්නටත් මෙවැනි මෘදුකාංගයකින් ඉඩ සැලසෙනවා. ඒ වගේම මේ මෘදුකාංගය මගින් පාසැල් දූ දරුවන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් ගැන දැනුම වැඩි දියුණු කර ගන්නටත් හැකියාව ලැබේ. නවීන තාක්ෂණය ඇසුරු කර ගනිමින් අප රටට වැදගත් වන මෙවැනි අවස්ථාවක් ගැන දේශීය භාෂාවෙන්ම නිර්මාණය කරන ලද මේ CHOGM 2013 Sri Lanka මෘදුකාංගය සැබවින්ම අප විසින් ඔබට පිරිනමන්නේ ජාතියට පිරිනැමෙන මහඟු ත්‍යාගයක් ලෙසින් සලකමිනි.

Source: durakatana blog

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos