-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකා රජයටත් ත්‍රිවිධ හමුදාවටත් එරෙහිව චැනල් -4 නාළිකාවේ ප්‍රදර්ශනය කළ කිලින් ෆීල්ඩ් ඇතුළු චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වූ කැලම් මැක්රේ ඊයේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මුහුණ දුන් සිද්ධියද තවත් වාර්තා චිත්‍රපටයක් ලෙස විකාශය කරන්නට අවස්ථාව සලසා ගෙන තිබේ.

මැක්රේ ඇතුළු මාධ්‍යවේදී පිරිසට එරෙහිව පැවැති උද්ඝෝෂණයේ ආරම්භයේ සිට පොලිසිය මැදිහත්ව වෑන් රථයකින් ඔවුන් ආපසු කොළඹට එවීමට ක්‍රියා කළ අවස්ථාව දක්වා වූ සිද්ධියේ සියලු දර්ශන මැක්රේ ඇතුළු ඔහුගේ මාධ්‍ය කණ්ඩායම විසින් පටිගත කර අන්තර් ජාලය හරහා බි්‍රතාන්‍යයට යැවීමට ඒ මොහොතේම කටයුතු කර ඇත. සිද්ධියේ දර්ශන සියල්ල ඊමේල් පණිවුඩ මඟින් බි්‍රතාන්‍යයට යැවූ බව මැක්රේ මාධ්‍යවේදීන් සමඟ පැවැසීය.

කැලම් මැක්රේ මහතා ඇතුළු බි්‍රතාන්‍ය මාධ්‍ය කණ්ඩායම කොළඹ සිට අනුරාධපුරයට පැමිණෙද්දී ඔවුන් ගමන්ගත් දුම්රියෙන් පැමිණි උතුරේ දෙමළ ජනතාවගෙන්ද ප්‍රකාශ ලබා ගනිමින් ඒවා වීඩියෝ ගතකළ බවද දුම්රියේ පැමිණි දෙමළ ජාතික මගීන් කීපදෙනෙක් 'මව්බිම'ට පැවැසූහ. දුම්රිය නතර කර තිබෙන අවස්ථාවේ දුම්රිය මැදිරියේ සිටි කැලම් මැක්රේ මහතාගේ මාධ්‍යය ප්‍රධානියා පාපුවරුවට පැමිණ තමන් සමඟ ඉංග්‍රීසි බසින් කතා කිරීමට කැමැති අයෙක් වේ නම් පැමිණ සංවාදයේ යෙදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අවස්ථාවේ අනුරාධපුර නගරයේ පදිංචි සුරංගි සමරතුංග මහත්මිය කැලම් මැකරේ මහතාගේ මාධ්‍ය ප්‍රධානියා සමඟ සංවාදයේ යෙදුණු අතර ඇය කියා සිටියේ අපට රජෙක් සිටිනවා. අපේ රටේ සියලු දෙනා සමඟියෙන් සිටින්නේ. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා සමඟියෙන් සිටින නිසා ශ්‍රී ලංකාවේ සිදුවන කිසිදු ක්‍රියාවකට අතනොදමා ඔබලා පිටව යන්න යනුවෙනි.

කැලම් මැක්රේ මහතාගේ මාධ්‍ය ප්‍රධානියා ඊට ප්‍රතිචාර දැක් වූ කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ප්‍රචණ්ඩත්වයක් ඇතිකිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකාවට නොපැමිණි බවත්ය. තමන්ට අවශ්‍යව ඇත්තේ උතුරේ සංචාරයක් සිදුකිරීම පමණක් බවද ඔහු පැවැසුවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos