පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප‍්‍රවාහන කටයුතු සදහා ගෙන්වන ලද සුඛෝපභෝගී බස් රථ යොදාගනිමින් සමුළුවෙන් පසුව දුරගමන් බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය සූදානම් වෙයි.
මුදල් අමාත්‍යංශය මගින් චීනයෙන් ගෙන්වා ඇති මෙම බස් රථ 100 පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් මෙරටින් පත්කළ කමිටුව මගින් දැනට පාලනය වෙයි.
සමුළුවෙන් පසු ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අදාළ බස් රථ තොගය ලැබුණු අප්සු පිටකොටුවෙන් ගමන් අරඹමින් දුර ගමන් සේවය අරඹන බව ප‍්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ආසන 42 කින් යුත් ‘යුටෝන්’ වර්ගයට අයත් මෙම සුපර් ලක්ෂරි බස් රථයක් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනාකමින් යුක්තය.