සිරියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රහාරයක අවදානම ඉහළ යාමත් සමග ලෝක වෙළදපළේ බොරතෙල් මිල මේ වන විට ඉහළ යමින් තිබේ. ලොව තෙල් නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය වන මැදපෙරදිග අස්ථාවර වාතාවරණයක් ඇතිවීම ඊට හේතුවයි. මේ නිසා ලන්ඩන් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් 116 දක්වා ඉහළ ගොස් ඇත.
එවැනි ඉහළ මිලක් වාර්තා වූයේ වසර දෙක හමාරකින් පසුව වන අතර සිරියාවට එරෙහිව ඇමරිකානු ප‍්‍රහාරයක් දියත් කෙරුණුහොත් තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළදපොළ විශ්ලේෂකයන් පවසනුයේ.